PHI ලා වැටුප් වැඩිකරගැනීමේ සටනට සුදානම්

PHI ලා වැටුප් වැඩිකරගැනීමේ සටනට සුදානම්

ලංකාවේ මහජනතාව තුළ අධික ලෙස බදුබර පටවමින් සිටින රජයක් දැනට ලංකාවේ වැඩිම වැටුප් සහ දීමනා ලබන වෘත්තිකයන් වෙනුවෙන් තවදුරටත් විශාල ලෙස දීමනා වැඩි කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සියලු රාජ්‍ය සේවකයන් වෙනුවෙන්ම අපගේ විරෝධය පළ කර සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

විශේෂයෙන් පසුගිය කාලය තුළ වැඩිවන ඉන්ධන වියදමට සාපේක්ෂ දීමනා වැඩි කරන්නයි කරන ලද ඉල්ලීමට කිසිදු සැලකිල්ලක් නොදැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශය එම අමාත්‍යංශයේම විශේෂයෙන්ම රජයේ වාහන භාවිතා කරමින් සියලු ගමන් පහසුකම් සලසා ගන්නා එක්තරා වෘත්තීය කාණ්ඩයකට පමණක්ම විශේෂ වරප්‍රසාද ලබාදෙමින් කටයුතු කිරීම සෞඛ්‍ය සේවාව තුළ බෙදීම් ඇතිකිරීමට තවදුරටත් හේතුවන බව සිහිපත් කළ යුතුය. වැඩිවන ගමන් වියදම් දීමනාව ඉන්ධන දීමනාවට සාපේක්ෂව වැඩි කිරීමට නොහැකි විවිධ හරසුන් කොන්දේසි ඉදිරිපත් කරමින් කල් මරන අමාත්‍යාංශයක් තුළ තවදුරටත් සාධාරණව සේවා ඉටු කිරීමේ හැකියාවක් පවතීද යන්න නැවත වරක් කල්පනා කළ යුතුව ඇත.

තත්ත්වය මෙසේ තිබියදී රටේ වැඩිම දීමනා සහ වැටුප් ලබාගන්නා කණ්ඩායම් දෙකක් වෙනුවෙන් බදු අරමුදල්මගින් දීමනා වැඩි කිරීම තුළින් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවකයින්ට කරන ලද අසාධාරණය වෙනුවෙන් රටේ සියලු වෘත්තිකයන් සමඟින් කොන්දේසි විරහිතව විරෝධය පළ කරමින් එක්ව නැගී සිටීමට අපද කටයුතු කරන බව රජය වෙත දන්වා සිටිමු.

දැඩි  රිද්‍රතාවයකින් හා ජීවන  බරින් මිරිකී සිටින අප වැනි රටක රජයේ සේවක යන්ට මෙන්ම මහජනතාවටද සහන සලසා දිය යුතු වුවත් මේ වනවිටත් ලංකාවේ වැඩිම වැඩිම වරප්‍රසාද භුක්ති විඳින කණ්ඩායම්වලට ප පමණක්ම  ලාංකීය ජනතාවගේ   තම ආහාර වේල පවා කැප කරමින් ගෙවනු ලබන බදු මුදලන් දීමනා  ලබාදීමට රජයක් ලෙස ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කනගාටුවන වෙමු.

මෙවන් යුගයක සියලුම රාජ්‍ය සේවයන්ට මෙන්ම මහජනතාවට සමාන ලෙස සැලකීමට කටයුතු නොකිරීම සම්බන්ධව පවතින රජයට ද ඒ  සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට දැඩි ලෙස අපගේ විරෝධය පළ කර සිටින අතර මේ අනුව මෙම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා රජයේ සේවකයන් ලෙස එක්වන ඕනෑම කණ්ඩායමක් සමග එක්වෙමින් කිසිදු කොන්දේසියෙන් තොරව එකී  සටන් සදහා සහාය ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එක්වන බව අවසාන වශයෙන් දන්වමි.