කරාපිටියේ සිදු වෙන්නේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක් - රවී කුමුදේස්

කරාපිටියේ සිදු වෙන්නේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක් - රවී කුමුදේස්

ලංකාවේ කිසිම පිළිකා රෝහලක අපි වර්ජනය කලේ නැහැ. සේවය සපයන්න ගිය කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය එලවලා වර්ජනයක් හදා ගත්තේ රෝහලේ වුවමණාවටයි.

වර්ජනයෙන් පස්සේ පැය 24කින් රාජකාරියට වාර්ථා කිරීම, ඔවුන්ගේ සැලසුම් වලට බාධාවක් වුණා. රාජකාරියට  නැවත පැමිණි කාර්‍ය මණ්ඩලය එලෙව්වේ ගැටුමක් හදා ගන්න. ඒකත් සමතයකට පත්කර ගන්න අපි මැදිහත් වුණා.

බීලා ගමේ චන්ඩි එක්ක ඇවිල්ලා ට්‍රොලියක ලෙඩෙක් ගෙනියන කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුට එලවා එලවා පහරදෙද්දීත් ඔවුන් ගැටුමකට යන්නේ නෑ. කාන්තාවට ගහනවා. පිරිමි සේවකයා  බේරෙන්නේ දුවලා. ප්‍රතිප්‍රහාර දෙන්නේ නැත්තේ ගැටුමක් ඔවුන් සැලසුම් කරලා කියලා තේරුණු නිසායි.

දැන් ඔවුන් හදන්නේ උසාවිය නොමග යවන්න. මේක අධිකරණයට කරන අනියම් අපහාසයක්. ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කලේ අධිකරණය මිස අප නොවෙයි. ඔහු ඉන්නේ ඔහුගේම දැඩි සත්කාර ඒකකයේ. හෘදයාබාධ ඇති කෙනෙක් පිළිකා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ කොහොමද? රටේ නීතිය විහිළුවක් කරගෙන

කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ කාන්තාවන් අත් අඩංගුවට ගන්නේ රෑ 9ට. පැමිණිල්ලක් නෑ  නිශ්චිත වරදක් නෑ. කට උත්තරයක් අරං නෑ. පැමිණිලිෙකාරයෝ සහ වින්දිතයන් හිරකරලා තමයි කරාපිටිය පොලිසිය සාධාරණය ඉටු කරන්න හදන්නේ.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය