මර්ධනයට එරෙහිව විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවෙන් ආණ්ඩුවට රතු එළියක්

මර්ධනයට එරෙහිව විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවෙන් ආණ්ඩුවට රතු එළියක්

රාජ්‍ය දේපළ විකිණිමට එරෙහිව විරෝධතාවයන්ට ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන මර්ධනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වර්තමාන ආණ්ඩුව විසින් විදුලිබල මණ්ඩලය විකිණීමේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට එරෙහිව පැවති උද්ඝෝෂනයට සම්බන්ධවු විදුලිබල මණ්ඩල සේවකයින් වැඩතහනමකට ලක්කර ඇත. සාමකාමීව විරෝධතා දැක්වීම එම සේවකයින්ගේ මුලික අයිතියකි මෙම ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතින් දිගින් දිගටම උල්ලංඝණය කරමින් ඇත. ඒ අනුව, ආණ්ඩුව විසින් සිදුකරනු ලබන මර්ධනකාරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය ලෙස අප පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

පසුගිය ජනවාරි 18 වෙනි දින විශ්වවිද්‍යාල පද්ධතිය පුරා සංවිධානය කර තිබු එක්දින සංකේථ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල ඉදිරිපිට සාමකාමී විරෝධතාවයන් සංවිධානය කර තිබුණී. එහිදී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාමකාමී උද්ඝෝෂන විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොලිසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

තවද, ජනතාවගේ ගැටලු මේ ආකාරයේ දිගින් දිගටම ආණ්ඩුව විසින් මර්ධනකාරි පියවරයන් ගන්නේනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මෙයින් දන්වා සිටිමු.

තවද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සුරකීමටත් සහ රාජ්‍ය දේපල වීකිණිමට එරෙහිව සටන් වැදිමටත් විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව පෙළගැස්වීමට කිසිසෙත් පසුබට නොවන බව ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.