සෞඛ්‍ය වෘත්තීකයෝ අද ජාතික රෝහල අසල විරෝධතාවක

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (30) දහවල් 12ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැතවීමට නියමිතය.

එසේම සාකච්ඡා මඟින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේනම් පෙබරවාරි 01 දා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවා සිටියි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ලිපියක් යවා ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image