ඔන්ලයින් පනතට අත්සන් කරන්න එපා - කතානායකගෙන් ඉල්ලීමක් කරයි

ඔන්ලයින් පනතට අත්සන් කරන්න එපා - කතානායකගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස ඉල්ලා සිටිමින්, බහුජන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන්, වෘත්තිකයින් හා සිවිල් ක්‍රියාකාරින් විසින් කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB),  සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන අපගේ දැඩි මතයයි. මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් ලෙස පහත අත්සන් කරන අප සැමගේ දැඩි විරෝධය පළ කරමු.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මංත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාගත පෙත්සම්  52 ක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග සහ සංශෝධන යෝජනා කරන ලදී.

පනත සම්මත කරගැනීමේ දී එවැන්නක් සිදු වී ඇත්නම්, එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පහර ගැසීමක්  වන අතර අධිකරණයටද  අපහාස කිරීමක් බව අපගේ  විශ්වාසයයි. එමෙන්ම එමගින් පනතේ සුජාතභාවයද අභියෝගයට ලක්වන බව අපි විශ්වාස කරමු.

ඔබතුමන් වෙත යොමු කරන මෙම ලිපිය මගින් අප යළි යළිත් තහවුරු කරනුයේ  පාර්ලිමේන්තුව මගින් මෙය පනතක් ලෙස සම්මත කරනු ලැබූවද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුලිනුපුටා දැමෙන,දරදඩු රෙගුලාසීන්ට එරෙහි අපගේ සටන මෙයින් නතර නොකරන බවය. මෙම ලිපියේ අරමුණ වන්නේ අපගේ විරෝධය නොතකා ක්‍රියාත්මක කිරීමට යන රෙගුලාසි මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පමණක් නොව රටේ ආර්ථිකයට ද සිදුවිය හැකි හානිය හැකිතාක් දුරකට හෝ අවම කර  ගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමය.

 ආණ්ඩුව මෙලෙස කඩිමුඩියේ 'ඔන්ලයින්' පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට උත්සාහ ගනු ලබන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුවට එරෙහිව එල්ලවන විරෝධතා මැඩ පවත්වාගැනීමේ පටු අරමුණු  සහිතව බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එබැවින්, පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි ලෙස ඉටුවීම  සම්බන්ධයෙන්  භාරකාරීත්වය දරන  ප්‍රධානියා වන ඔබ, පනත් කෙටුම්පතට අදාළ සංශෝධන නිසි ලෙස ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් සහතිකවීම, ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන් සතු වගකීමක් බව අපි විශ්වාස කරමු.

එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔබ තුමන් වෙත එවන ලද නියෝග හා මාර්ගෝපදේශ සංශෝධන නිසි ලෙස පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි සහතික කර ගන්නා තෙක් ඊට ඔබතුමන්ගේ අනුමැතිය ලබා නොදෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුරවැසියන් සහ පුරවැසි ක්‍රියාකාරිකයින් වශයෙන් මෙයින් ඉල්ලා සිටිමු.

Free Media Movement

Sri Lanka Working Journalists’ Association

Young Journalists’ Association of Sri Lanka

Media Law Forum

Law and Society Trust

Right to life human rights Center

National Cooperative Development Fund

Hashtag Generation

Association of Health Professionals

Sri Lanka Postal and Telecommunication Service Union

All Ceylon Management Service Officers’ Union

Democratic Government Service Trade Union

South Asia Free Media Association

Ceylon Teachers’ Union

Ceylon Trade Union Federation

United Postal Trade Union Front

Savisthri National Women’s Moment

Uva Wellassa Women’s Organization

Movement for the Defence of Democratic Rights (MDDR)

Free Media Movement Tarde Union (FMMTU)

Ceylon Teachers’ Union

Moment for Land and Agriculture Reform (MONLAR)

National Fisheries Solidarity Movement (NAFSO)

Shramabhimani Center 

Dabidu Collective

Women’s Action for Social Justice (WASJ)

United Federation of Labour (UFL)

Federation of Media Employees Trade Unions (FMETU)

Muslim Media Forum

Jaffna Press Club

Tamil Women Journalists Association

Tamil Media Alliance

Transparency International Sri Lanka

Free Trade Zone Union

South Asian Women in Media Network- Sri Lanka

Ceylon Bank Employees Union (CBEU)

South Asian Free Media Association

People’s Commission of Women in Sri Lanka

The Voice of Truth

Stand Up Movement in Sri Lanka

Trade Union to Upliftment of Sri Lanka Railway

Freedom Trade Union Center (FTUC)

Prabha Abhilasha Network

People’s Alliance for Right to Land (PARL)

Voice of the plantation people organization (VoPP)

Sri Lanka All Telecommunication Employees’ Union

Unite – Trade Union and Mass Organization Collective

Media.LK

RED Organization

Nature Foundation

Media Pro-Tech

PEN Sri Lanka

National Movement for Social Justice

Standup Workers Union

Asian Media and Cultural Association

Women Center Sri Lanka

Protect Union

Human Rights Documentation Center (INFORM)

Citizens’ Collective

Vinividimu Organization

Search for Common Grounds 

Institute for People Engagement and Networking (iPEN)

Father Sarath Iddamalgoda

Rev. Asiri P Perera - Retired Bishop

Prof Arjuna Pararkarama

Prof Liyanage Amarakeerthi

Prof Nirmal Ranjith Dewasiri

Prof Vijaya Jayathilaka

Dr Ravindra kariyawasam

Dr Rathna Sri Wijesinghe

Dr Kalpa Rajapaksa

Senior Lecturer Anuruddha Pradeep Karnasuriya

Thusitha Siriwardena, Attorney at Law

D M Dissanayake, Attorney at Law

Journalist Seetha Ranjanee

Journalist Hana Ibrahim

Journalist Upali Kolambage

Journalist Ananda Dharmapriya Jayasekara

Journalist Thimbiriyagama Bandara

Journalist Saroj Pathirana

Journalist T M G Chandrasekara

Senior researcher Sarath Kellapatha

Journalist Tharindu Iranga Jayawardena

Journalist Sujeewa Senarath

Littérateur S Nandalal

Social Activist Jayani Abeysekara

Journalist Jayasiri Jayasekara

Journalist Prasad Poornimal

Journalist Shalika Wimalasena

Civil and Human Rights Activist Cyril Pathirage

Creativist Nandasiri Dhrmaratne

Dramatist and Civil Activist Roy Rodrigo

Journalist Indika Roshan Garusinghe

Journalist Chamara Sampath

Civil and Human Rights Activist Suranga Rupasinghe

Journalist Priyan R Wijebandara

Environmentalist Hemantha Withanage

Environmentalist Sajeewa Chamikara

Trade Unionist Chinthaka Bandara

Dramatist Ranasinghe Adhikari

Lyricist Sudath Gamini Bandara

Social Activist Thamara Dayani Heetimullage

Shrinath Perera, Attorney at Law

Journalist Nayanajeewa Bandara

K.W. Janaranjana, Attorney at Law

Journalist K. Sanjeewa

Journalist Lasantha Ruhunage

Journalist Sunil Jayasekara

Journalists Sakeef

Marine Engineer Kamal Wanniarachchi

Social Activist Manjula Gajanayake

Journalist Manjula Wediwardhana

Social Activist Udaya Kalupathirana

Economist Umesh Moramudali

Social Activist Sandaya Eknaligoda

Journalist Poddala Jayantha

Journalist Thushara Weerarathna

Journalist Dini Jayasekara

Journalist R. Yasiharan

Social Activist Saman Senevirathna

Tharushi Dishara Attorney at Law

Social Activist Sujith Abeyewckreme

Social Activist Chameera Dedduwage

Social activist Harini Farnando

Freelance journalist Ravi Rathnaveil