සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා පත්කල කමිටු සාකච්ඡා අසාර්ථකයි. සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හෙට (2024.02.13) උදෑසන 6.30 සිට නැවත වර්ජනය කර කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටියි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පත්කරන ලද පාර්ශ්වකරුවන්ගේ කමිටු රැස්වීම 2024.02.12 වන දින මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ නමුත් ඒ හරහා සාධාරණ විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවත් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූ නිළධාරීන් විසින් සාධාරණ පදනමකින් තොරව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිගත හැකි මට්ටමක නොපැවති බැවින් හෙට උදෑසන 6.30 සිට නැවතත් වර්ජන ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර ඇති බවත් කණගාටුවෙන් දැනුම් දෙමු.
කෙසේ නමුත් රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැලකිල්ලට ගෙන,
තවද, මෙම ගැටළුම විසඳීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ලබා ගැනීමට ප්‍රමාණවත් බලතලයක් අදාල කමිටුවට සහ එහි නිළධාරීන්ට නොමැති බව අපගේ නිරීක්ෂණයට ලක්වූ බවත් ප්‍රකාශ කර සිටින අතරම කඩිනමින් ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ලබා ගනිමින් සමස් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට සමානාත්මතාවය හා සාධාරණය ඉටු කරමින් මෙම ගැටළුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත එළඹෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
