ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීම එක්සත් ජාතීන්ගේ ඇගයීමට

ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීම එක්සත් ජාතීන්ගේ ඇගයීමට

කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය  කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගයමින්, ශ්‍රී ලංකාව 2024 වසරේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සම්මානයට පාත්‍රවී ඇත. ඒ අනුව මෙරට කඩොලාන ප්‍රතිෂ්ඨාපන  මෙහෙවර එක්සත් ජාතීන්ගේ වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්’ (World Restoration Flagship) වැඩසටහන යටතේ ගෝලීය වශයෙන් අවධානයට ලක්වන සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි. මෙම සම්මානය මගින් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිතා කරන අතරමල ලොව පුරා අනාගත සාර්ථකත්වය සඳහා සැලකිය යුතු හොඳම භාවිතයන් සහ ක්‍රමවේදයන් ඉස්මතු කෙරෙන අතර අපේ රටට එම සම්මානය හිමිවීම සුවිශේෂී සංරක්ෂණ කඩයිමක් ලෙස හැදින්විය හැකිය. 

2004 සුනාමි ඛේදවාචකයත් සමග එමගින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට එල්ල කෙරුණු විනාශකාරී බලපෑම්ල වෙරළාරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරමින් කඩොලාන පරිසර පද්ධතීන් වල වැදගත්කම වඩාත් ඉස්මතු වීමට හේතුවක් විය. අවාසනාවකට මෙන්, කඩොලාන පද්ධතීන් අඛණ්ඩව විනාශ කිරීම සහ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම අගනා පරිසර පද්ධතීන් සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය ඵලදායී ආකාරයෙන් සිදුකිරීමට බාධාවක් විය.

වෙරළබඩ පරිසර පද්ධතීන් බලගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම 2015 වසර සහ ඉන් ඔබ්බට ද දිවෙන අතරල සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන සහ අන්තර් සම්බන්ධීකරණයයෙන් යුතුව ක්‍රියාත්මක වන විශේෂඥ කමිටු කාර්ය සාධක න බලකායන්, ප්‍රතිපත්තිල ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රතිස්ථාපන මාර්ගෝපදේශ ස්ථාපිත කිරීම මගින් මෙම සංරක්ෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය අත්කර ගැනීමට හැකියාව ලැබී ඇත.

පරිසර පද්ධති සේවා පුනර්ජීවනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් යාවත්කාලීන විද්‍යාත්මක දැනුම පදනම් කරගත් ක්‍රමවේදයන් භාවිතා කරමින් කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙහිදී විප්ලවීය ජාතික ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම ප්‍රවේශය සැලසුම් කර ඇත්තේ සමස්ත පරිසර පද්ධතියේ සමතුලිතතාවය සහ අන්තර් සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා යග පර්යේෂකයන් සහ අනාගත ප්‍රතිස්ථාපන නායකයින් ලෙස තරුණයින් සම්බන්ධ වීම සහ රජයල රාජ්‍ය නොවන සංවිධානල පෞද්ගලික අංශයල විද්වතුන් සහ ප්‍රජාව පුරා විහිදුණු බහු පාර්ශවීය කණ්ඩායම් බලමුලු ගැන්වීම අනාගතය සඳහා ගොඩනඟන ලද ප්‍රතිෂ්ඨාපනයේ නව පූර්වාදර්ශයක් සංරක්ෂණ  අනාගතයට තිළිණ කර ඇත.

එකසත් ජාතීන්ගේ වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්’ සම්මානය යනු බොහෝ  ජීවිත සහ ජීවනෝපායන් සඳහා උපකාර වන මෙම අත්‍යවශ්‍ය පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ත්‍රියාත්මක කරන ලද ශක්‍ය හා කල්පවත්නා විසඳුම් කාලෝචිත ලෙස පිළිගැනීමකි. 2024 පෙබරවාරි 27 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.

UN Flagship Restoration Award යනු කුමක්ද ?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් 2021-2030 පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ දශකය ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මෙම දශකය යනු ලොව පුරා පරිසර පද්ධති හානිය වැලැක්වීම, නැවැත්වීම සහ ආපසු හැරවීම සඳහා ගෝලීය වශයෙන් උත්සාහ දරන කාල සීමාවකි.

සෑම වසරකමල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා වූ වඩාත්ම කැපී පෙනෙන ප්‍රයත්නයන් විමසීමට ලක්කරල ඒවා අතරින් හොඳම ප්‍රයත්නයන් තෝරා ඇගයීමට ලක් කරනු ලබන අතරල ඒවා ප්‍රමුඛ පෙළේ මුල පිරීම් (Flagship Initiatives) ලෙස නම් කෙරේ.