සෞඛ්‍ය වෘත්තිකයින් වර්ජනය තාවකාලිකව නතර කරයි

සෞඛ්‍ය වෘත්තිකයින් වර්ජනය තාවකාලිකව නතර කරයි

සෞඛ්‍ය වෘත්තිකයින් විසින් ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු 6.30 සිට තාවකාළිකව නතර කරන බව සෞඛ්‍ය වෘත්තීය සන්ධානය පවසා සිටියි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනය විසඳීම සඳහා 2024 පෙබරවාරි 19 දින නැවත වරක් සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කර ඇති බැවිනිත එම සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි එම සන්ධානයේ නායකයකු "වැඩබිම" සඳහා පවසා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්ද නිකුත් කර ඇත.