අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට රැවටෙන්න එපා

අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට රැවටෙන්න එපා
  • අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නෑ
  • ඇත්තේ තොරතුරු විස්තරයක් පමණයි
  • කාර් යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලයි

2024 වර් ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර් ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කර සිටියි.

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය නිල වශයෙන් ව්‍යාජ තහවුරු කර ඇත. එම ව්‍යාජ google form වෙත ඔබගේ තොරතුරු ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය දන්වයි.

 2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන්න. එහි පළකර ඇත්තේ අයදුම්පත්‍රයට අදාල උපදෙස් පමණක් වන අතර නිල අයදුම් පත්‍රය  පෙබරවාරි  26 සිට 29 දක්වා www.slbfe.lk හි පමණක් පළකෙරේ. වැඩි විස්තර 1989 අමතා ලබා ගන්නා ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලයි.

කාර්යාංශයේ නිල සබැදිය - https://www.slbfe.lk/slbfe-announcement/registration-for-korean-language-test-2024-instructions-for-applicants/