සුබේ සමග හෝරාවක්

සුබේ සමග හෝරාවක්

ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම හා ප්‍රමුඛපෙළේ කම්කරු නියමුවකු වන වන ඩී. ඩබ්. සුභසිංහ මහතාගේ දිවි සැරියේ 90 වැනි විය උපන්දීනයට සුභපැතුම් එක්කිරීමේ සුහද හමුවක් 2024 පෙබරවාරී 21 දින සවස 3.00ට බත්තරමුල්ල, පැලවත්ත, පන්සල පාරේ ඉදිකිරීම් මැඳුරේදී පැවැත්වීමට ලංකා වෘත්තීය සමිති සම්මේලනය සුදානම් කර ඇත.

මෙම අවස්ථාවට එක්වී සුභසිංහ සහෝදරයාට සුභපැතුම් එක් කිරීමට එකතුවන ලෙස ලංකා වෘත්තීය සමිති සම්මේලනය ඇරයුම් කර සිටී.