දූෂිත ආරක්‍ෂක අධිකාරී සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එම නිලධාරියා සම්බන්ධයෙන් විනයානූකූලව පියවර ගන්නා ලෙසයි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්‍ෂක අධිකාරී ලෙස ආවරණ රාජකාරියේ යෙදෙන නිලධාරියා, එම තනතුරේ බලතල අනිසි ලෙස පාවිචිචි කරමින් තනතුරට නොගැලපෙන, දූෂිත ක්‍රියාවල යෙදෙන බව මීට පෙරද ඔබ වෙත දන්වා ඇත. එම නිලධාරියා සිදුකරන දූෂිත, වංචනික, විනය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් හෝ දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්වන අයුරින් දිගින් දිගටම කටයුතු කරමින් ඇත. අනුර ප්‍රේමරත්න මහතා විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා වර්ධනය වී ඇති අතර, එම චෝදනා වලින් ගැලවීමටද විවිධ උපක්‍රම උපයෝගි කරගනිමින් ඇත. පසුගිය කාලය තුල ඔහු විසින් සිදුකරන ලද විෂමාචාරයන් ගණනාවක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරවමු.
මීට අමතරව තවත් බොහෝ විෂමාචාරයන් පිළිබඳව දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇතත් ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් පවත්වා නැත. මේ සම්බන්ධයෙන් පුවත්පත් වල පවා වාර්තා ඵලවී තිබුණද, ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.
මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා දුම්රිය ආරක්‍ෂක අංශයේ විනය පමණක් නොව මුළු දෙපාර්තමේන්තුවේම විනය පරිහානියට පත්වී ඇත. විනය පාලනය කළ යුතු නිලධාරීන් විසින්ම විනය පරිහානියට පත්කිරීම බරපතල තත්වයක් බව පෙන්වා දෙන අතර, පුද්ගලයා මත හෝ පෞද්ගලික හිතවත් කම් මත කටයුතු කරන විනය බලධාරියා රටේ නීතියද උල්ලංඝණය කරන රාජ්‍ය නිලධාරියෙකු නම් ඔහුද එම තනතුරට නුසුදුසු බව අවධාරණයෙන් පෙන්වා දෙමු.
මෙම දූෂිත ආරක්ෂ නිලධාරියා, දුම්රිය ආරක්‍ෂක අධිකාරී ලෙස ස්ථීර තනතුරේ රාජකාරී කරන නිලධාරියෙකු නොව, එම තනතුරේ රාජකාරී ආවරණය කරන නිලධාරියාය. විනය නීති සංග්‍රහයේ 31:5:2 අනුව නිලධාරියා විසින් කරනු ලැබ ඇතැයි සැකකරණු ලබන විෂමාචාරයන් සම්බන්ධයෙන් ලැබී ඇති පළමු තොරතුර මගින්ම අදාල කරුණු තහවුරු වී ඇති අවස්ථාවක නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට හැකියාව තිබියදීත්, අදාල බලධාරීන් නිහඬව සිටීමෙන් රාජ්‍ය සේවය දැඩි ලෙස අපකීර්තියට පත්කර ඇත.
විනය පරිහානියට පත්කිරීමට කිසිදු නිලධාරියෙකුට අයිතියක් නොමැති බැවින්, අනුර ප්‍රේමරත්න මහතාගේ වැඩ තහනම් කර විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, නොයෙසේනම් කිසිදු දුම්රිය සේවකයෙකුට එරෙහි විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් ඔබතුමා ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව අප සන්ධානය දැනුම්වත් කරන්නේ නම් අගයකොට සලකමු.
