එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී (UNEA-6) ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස පිළිගැනේ

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී (UNEA-6) ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස පිළිගැනේ

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරය (UNEA-6)පෙබරවාරි 26 වැනි දින කෙන්යාවේ නයිරෝබි නුවර දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේදී ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථම, රැස්වීමේ සාකච්ඡා සඳහා අවශ්‍ය පදනම සකස් කිරිම සඳහා එහි ස්ථිර නියෝජිතයින්ගේ විවෘත කමිටුව රැස් විය.

මෙම සමුළුවේ විශේෂතා අතර, කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ඒ සඳහා ගෝලීය ආදර්ශයක් ලෙස ගත හැකි බව ඉස්මතු කෙරිණ.
කීර්තිමත් සම්මානයකින් පිදුම් ලද, කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ලෝකයේ ක්‍රියාශීලී පාරිසරික භාරකාරත්වය පිළිබඳ සාක්ෂියක්ව පවතී.

ගෝලීය පාරිසරික තීරණ ගැනීමේ ප්‍රමුඛස්ථානය නියෝජනය කරමින් සහ පෘථිවියේ වඩාත්ම ආන්තික ජනගහනය සඳහා ප්‍රමුඛත්වය දෙමින් මානව වර්ගයා සහ ස්වභාවධර්මය අතර නව සබඳතාවක් ඇති කරලිම සඳහා මෙම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසිය රැස්වනු ලැබේ.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුදයන් සඳහා විසඳුම් සෙවීමේ දී බහුපාර්ශවීය සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමිවේ.

මෙම සමුළුව, විද්‍යාත්මක පර්යේෂණයන්හි, දේශපාලනික කැපවීම්හි සහ සමාජයීය මැදිහත්වීම්හි ශක්තිමත් පදනමක් සහිතව රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, විද්‍යාත්මක ප්‍රජාවන් සහ පුද්ගලික අංශයන් සඳහා පුළුල් පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් ප්‍රධාන සමුළුවක් වශයෙන් මාධ්‍යයක් වශයෙන් කටයුතු කරයි.

පාරිසරික ගැටළු වෙනුවෙන් කැපවූ එකම විශ්වීය සාමාජික සංසදය ලෙස, සාමූහික පාරිසරික භාරකාරත්වය ඉලක්ක කරගත් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ තීර්ණාත්මක මුලපිරීම් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් සඳහා අද්විතීය වේදිකාවක් සපයනු ලබයි.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවෙහි 06 වන සැසි වාරය හරහා, මතු පරපුර වෙනුවෙන් තිරසර අනාගතයක් ඇති කරලමින්, තිරසාර සංවර්ධන ඉලක්කයන් ඉදිරියට ගෙන යාම සිදු කෙරේ.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවෙහි 06 වන සැසි වාරයේ ප්‍රගතිය ලෙස පෘථිවියේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා පරිවර්තනීය ප්‍රතිපත්ති සහ සංයුක්ත ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයි අන්තර්ජාතික ප්‍රජාව විසින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මේ සඳහා සහභාගී වූ අතර ඒ මහතා සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස නම් කෙරුණු සම්මානය ලබා ගන්නා ලදී.