ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් කාන්තා දිනයට මඩොල්කැලේදී සැමරුමක්

ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් කාන්තා දිනයට මඩොල්කැලේදී සැමරුමක්

මෙවර 111 වන ජාත්‍යන්තර ස්ත්‍රී දිනය නිමිත්තෙන් ස්ත්‍රී මධ්‍යස්ථාය විසින් කාලීන සමාජ ගැටළු සැලකිල්ලට ගනිමින් වෙළඳ කලාපයත්, ඇඟලුම් ක්ෂේත්‍රයත්, වතුකරයත් ඒකාබද්ධ කරමින් කාන්තා අයිතීන් වෙනුවෙන් එක්සත්ව හඬ නගමු! යන ප්‍රධාන තේමාව ඔස්සේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර ස්ත්‍රී දින විරෝධතා සමරුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී පවතින දේශපාලන, ආර්ථික අර්බුදය තුල වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වයට පත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම් මෙන්ම යෝජිත කම්කරු නීති සංශෝධන EPF/ ETF මංකොල්ලය, වතු කම්කරු කාන්තාවන්ගේ වැටුප් අරගලය, ඔවුන්ගේ නිවාස පිළිබඳ අයිතිය, ජාතිකත්වය පිළිබඳ සිදුකෙරෙන වෙනස්කොට සැලකීම් මෙන්ම දේශගුණික විපර්යාස වල බලපෑම් හේතුවෙන් තවදුරටත් ආන්තීකරණය වන කාන්තාවන්ගේ ගැටළු ආමන්ත්‍රණය කරමින් මාර්තු මස 10 දින පෙරවරු 10.00ට මඩොල්කැලේ නගරයේ විරෝධතාවයක් හා පාගමනද ඉන් අනතුරුව මඩෝලකැලේ පරමේශ්වරම් දෙමළ විද්‍යාලයේදී, රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ස්ත්‍රී මධ්‍යස්ථානය වැඩිදුරටක් සඳහන් කරයි.