විසඳුමට සතියක කාලයක් ලබාදුන්නා - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

විසඳුමට සතියක කාලයක් ලබාදුන්නා - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව තාක්ෂණක වාර්ථාව සම්පූර්ණයි. සම්පූර්ණ විසඳුම් ලබා දිම සඳහා සතියක කාලයක් ලබා දීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කර ඇති බව එම සන්ධානයේ කැඳවූම්කරුවකු වන රවි කුමුදේස් මහතා පවසයි.

එයට අමරතව දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචාවන් පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අතිරේක ලේකම්, සමන් රත්නායකගේ පාපොච්චාරණය, අවංකව කලොත් එය සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඔහුට කල හැකි අවසන් යුතුකම බවයි.

අතිරේක ලේකම්ගේ පාපොච්චාරණය ගැන හරියට කලොත්, අපි අවුරුදු ගණනාවක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් පීඩා විඳිමින් හෙලිදරව් කල 'තාක්ෂණික හොරකම්' ජාලයේ කථාව සජීවීව ඉදිරිපත් වේවි. අපි කවදා හරි දවසක, ඒ කථාව මතු පරපුර සඳහා පොතක් විදිහට මුද්‍රණය කරලා බෙදා හරිනවා.

ප්‍රසම්පාදන ඇගයුම සිදු කල වෛද්‍ය වෘත්තිකයින් දෙදෙනාම තවම නිදැල්ලේ. මෙම ප්‍රසම්පාදනය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු ඇගයුම් කමිටුවේ නොසිටීම විශාල හේතුවක් කියලා කියන්න සමහරු උත්සාහ ගත්තාට ඒක ඇත්ත නෙවේ. නමුත්  එහෙම කෙනෙකුත් මේ ජාලයට එකතු කර ගත්තානම් හොරකම අහුවෙන එක නවත්වා ගන්න තිබුණා.

විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගේ උපදෙස්, ප්‍රසම්පාදනය අවුල් තේරුම් ගන්න අනවශ්‍ය ලෙස දායක කර ගැනීමෙන් අපරාධ පරීක්ෂණය නොමග යෑමේ අවධානමක් තිබෙනවා.

මෙම වංචනික හොරකම් ජාලයේ සැපයුම් තවම ගොඩ බාමින් තිබෙනවා. වෙනසක් නෑ, අළුත් අමාත්‍යාංශයත් වංචනිකව ගෙනාපු පැපොල් කරලා මිලදී ගනිමින් තිබෙනවා.