විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

සියලු විශ්වවිද්‍යාලවල සේවයේ නියතු අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැටුප් ගැටළුව විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අද (12) දින සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නියෝජිතයකු “වැඩබිම“ ට පැවසීය.

2024 මාර්තු මස 11 දින මේ සම්බන්ධව විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්දුන් බවත්, ඒ අනුව සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මාණ්ඩලය සියලු විශ්වවිද්‍යාල කටයුතු වලින් ඉවත්වන බවත් පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු බිඳවැටීම්වල වගකීම රජය, අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල කොමිසන් සභාව වගකීම බාරගත යුතු බවත්ය.