වෛද්‍යවරුන්ගෙන් නව වෘත්තීය සන්ධානයක්

වෛද්‍යවරුන්ගෙන් නව වෘත්තීය සන්ධානයක්

සමාජීය ක්‍රියාවන් සඳහා නිහඬව සිටීම වෙනුවට සක්‍රීය ලෙස සම්බන්ධ වීමේ අරමුණ පෙරදැරි කොට තරුණ වෘත්තියවේදී සංවිධානයට සමගාමී ලෙස වෛද්‍යවරුන්ගේ තරුණ වෘත්තියවේදී සන්ධානක් බිහිවී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල චරිත රැසක් ද මෙම නව තරුණ වෛද්‍යවරුන්ගේ සන්ධානය ට එකතු වී ඇත.

මෙම තරුණ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති ලෙස වෛද්‍ය සෙනත් ගජසිංහ කටයුතු කරන අතර ලේකම් ලෙස වෛද්‍ය දිස්නා අතුකෝරාල කටයුතු කරයි.

ඉෂ්ඨක මට්ටමෙන් මෙම වෛද්‍යවරුන්ගේ වෘත්තිය සන්ධානය පුළුල් කිරීමටත් ඒ හරහා සක්‍රීය ලෙස සමාජ දේශපාලන කටයුතු සඳහා දායකවීමට කැමති වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලබා දීමත් මෙහි කේන්ද්‍රතට අරමුණ බව සඳහන් වෙයි.

මෙම නව තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයෙ මාධ්‍ය ප්‍රකාශ කළ ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසික පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කරයි.