"කැතයි-ලැජ්ජයි-නිද්දිතයි" කියවන්න, දැනගන්න

"කැතයි-ලැජ්ජයි-නිද්දිතයි" කියවන්න, දැනගන්න

සේවක අර්ථසාධක අරමුදල යනු කුමක්ද?

සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද අතර එය දැනට ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වේ. 2020 අවසන් වන විට රුපියල් බිලියන 2,814 වත්කමකින් යුතු සේ.අ.අ. අරමුදලතුළින් පුද්ගලික අංශයේ සමාගම්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික ව්‍යාපාරවල සේවකයින්ගේ විශ්‍රාමික අවධිය මූල්‍යමය  වශයෙන් වඩා ආරක්ෂිත වීම සහතික කිරීම සහ රටේ ආර්ථික වර්ධනය සඳහා ඔහුගේ හෝ ඇයගේ දායකත්වය සහ කාර්යභාරය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම මගින් සේවකයාගේ ජීවිතයේ සැඳෑ සමය  සතුටින් ගත කිරීමට අවස්ථාව ලබා දීම මෙහි පරමාර්ථය යි.

සේවක අර්ථසාධක අරමුදල පරිපාලනය කරන්නේ කෙසේද?

සේ.අ.අ. යනු ශ්‍රීලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය වනඅතර, 2020 අවසන්වනවිට එම අරමුදලෙහි වත්කම රුපියල් බිලියන 2,814 කි. සේ.අ.අ. හි පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වන අතර එහි අරමුදල් කළමණාකාරණය මුදල් මණ්ඩලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

(උපුටා ගනීම - epf,lk)

ඉහත උපුටා ගැනීමට අනුව අද වන විට සේවක අර්ථසාධක අරමුදලට අත්වී ඇති ඉරණම පිළිබඳ තරිඳු උඩුවරගෙදර විසින් "කැතැයි, ලැජ්ජයි, නින්දිතයි" කෘතිය මගින් ගවේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් තමන් දුක්මහන්සියෙන් උපයා සැඳෑසමය ගතකිරීමට ඉතිරි කරගනු ලබන සේවක අර්ථසාධක අරමුදලට පාලකයින් හා නිලධාරීන් විසින් කටයුකු කරන ආකාරය මෙම ගවේෂණාත්මක කෘතිය කියවීමෙන් අවබෝධ කරගත හැකිය.