ඖෂධ නියාමන අධිකාරිය චෝදනාවක් ?

ඖෂධ නියාමන අධිකාරිය චෝදනාවක් ?

නිසි පරීක්ෂාවකින් තොරව, ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිහටම උත්සාහ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේස් මහතා චෝදනා කර සිටී.

රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමග මාර්තු මස (27) හදිස්සියේ මිය ගොස් ඇති අතර, මෙය රෝගියාගේ රෝග තත්ත්වයට අදාල හෝ ප්‍රතිකාරයෙන් අපේක්ෂිත තත්ත්වයක් නොවන බැවින්, සැක සහිත මරණයක්.

ravi kumudesh 10

මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි අයෙකි. ඔහු කනේ කැක්කුමක් සම්බන්ධයෙන් බෙහෙත් ගැනීමට රෝහල්ගතව ඇති බවද පැවසේ. මියගිය අයට මතභේදාත්මක කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නතක් ලබාදීමෙන් පසුව මෙසේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

අදාළ රෝගියාට එම එන්නත ඊට පෙර 11 වතාවක් එන්නත් කර ඇති අතර 12 වැනි වර එය එන්නත් කිරීමත් සමඟ ඔහු මියගිය බව අදාළ එන්නත එන්නත් කළ හෙදිය සිය වාර්තා වේ සටහන් කර ඇති බව වාර්තා වනවා.

කෙසේවුද, එම එන්නත නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සිය වාර්තා වේ සටහන් කර ඇත්තේ මේ රෝගියා මියගොස් ඇත්තේ කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත් කර ටික වේලාවකට පසුව බවයි.

මෙම රෝගියා සඳහා භාවිත කල ප්‍රතිජීවක එන්නත හේතුවෙන් මේ වන විට මරණ දහයකට වඩා අධික සංඛ්‍යාවක් සිදු වී ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම කැපී පෙනෙන ගැටළුවකි. ඖෂධ ඛාණ්ඩයකින් කැපීපෙන සංකූලතා තුනකට වඩා සිදු වුවහොත්, එම ඔෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂිය ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව තවදුරටත් ඉතා අපැහැදිළි බව ඔහු වඩිදුරටත් පවසා සිටී.