සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව රට පුරා ලංකා බැංකු සේවක සංගමයෙන් විරෝධතා

සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව රට පුරා ලංකා බැංකු සේවක සංගමයෙන් විරෝධතා

රාජ්‍ය බැංකු කළමණාකාරීත්වයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල එකඟතාවය හිමිවූ සාමූහික ගිවිසුම් යෝජනා මුදල් අමාත්‍යාංශය විසින් අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස කප්පාදු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය ඇතුළු රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංන්ධානය විසින් කොළඹ නගරය හා ඉන් පිටත නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව, මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන රාජ්‍ය බැංකු 4 හි සාමාජික දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග හා ප්‍රධාන රාජ්‍ය බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට පිකට් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග, සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීම, Black Casual ක්‍රියාමාර්ගය සහ ජුලි (03) දින ලේක් හවුස් වටරවුම ඉදිරිපිට පවත්වන ලද කළු පිකට් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය බැංකු සාමුහික ගිවිසුම් ගැටලු විසඳීමට ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන් මේ දක්වා කටයුතු කර නොමැත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරමින් සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට රාජ්‍ය බැංකු වෘත්තීය සමිති සන්ධානය තීන්දුකර ඇති අතර අද (04) දින පහත දැක්වෙන අයුරින් එම පිකට් උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

ගාල්ල - බස්නැවතුම්පොළ ඉදිරිපිට

ගම්පහ - දුම්රියපොළ ඉදිරිපිට

හම්බන්තොට - තංගල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට

කලුතර - මහජන බැංකුව අසළ

මහනුවර - ඔරලෝසු කණූව ඉදිරිපිට ලංකා බැංකුව ඉදිරිපිට

කුරුණෑගල - ඔරලෝසු කණුව අසළ

මාතලේ - ඔරලෝසු කණුව අසළ

මාතර - මාතර බෝධිය ඉදිරිපිට

නුවරඑළිය - තැපැල් කාර්යාලය ඉදිරිපිට