පරිපාලන නිලධාරින් අස්වැසූම වැඩසටහනින් ඉවත්වෙයි

පරිපාලන නිලධාරින් අස්වැසූම වැඩසටහනින් ඉවත්වෙයි

අස්වැසුම සමාජ සුභ සාධක වැඩසටහනෙහි සියළුම කාර්‍යයන් වලින් ඉවත් වීමට ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ  සංගමය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මට්ටමින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ප්‍රමුඛතම කාර්‍යයයක් ඉටුකරන ලද පරිපාලන නිලධාරින් බරපතල ලෙස නොසලකා හරිමින් අස්වැසුම වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පරිපාලන නිලධාරින් හැර අනෙකුත් සියළුම නිලධාරින් වෙත දීමනා ගෙවීමට කටයුතු කිරීමත්, අස්වැසුම වැඩසටහන   මේ දක්වා ක්‍රියාත්මක කල නමුදු  එයට අදාලව අප තනතුර වෙත විධිමත්ව රාජකාරි පැවරීමක් සමාජ සුභ සාධන පනත හරහා සිදුනොවීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹෙන ලදි.

ඒ අනුව  නිසි රාජකාරියක් පැවරී නැති පසු බිමක වුවද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම්වරුන් වෙනුවෙන් ඉටුකරන ලද සියළුම කටයුතු වලින් අප නිලධාරින් 2024/07/18 සිට ඉවත්වන ලදි.

ක්ශේත්‍ර නිලධාරින් මෙන්ම පනත අනුව වගකීම් පැවරී ඇති නිලධාරින් පවා මෙම වැඩසටහනින් මින් පෙර ඉවත්වූ නමුත් නිසි මාර්ගෝපදේශ නොමැති පසුබිමක වුවද ,   රජයේ මෙම ප්‍රමුඛ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවබෝධ කරගැනීම මත අප නිලධාරින් විසින් මෙම වැඩසටහන ඉදිරියට ගෙනගිය අතර ඒ හේතුවෙන් වැඩසටහනෙහි පළමු අධියර අවසන් මට්ටම දක්වා ගෙන ඒමට හැකිවිය.

කෙසේ වුවද බලධාරීන් මේ පිළිබඳව නිසි වැටහීමක් නොමැතිව ගනු ලබන තීරණ අනුව අප නිලධාරින් නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම ඉවත්වීමේ තීරණය ගැනීමට සිදුවූ අතර  මේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා සහ රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සහ අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවීම පිළිබඳව  සියළු වගකීම් සමාජ සුභ සාධක මණ්ඩලය සහ රාජ්‍ය පරිපාලන ලේකම් වරයා ඇතුළු අප තනතුර නොසලකා හරින ලද පරිපාලන බලධාරීන් ව්සින් භාර ගත යුතුය.