වැඩ බලන අධ්‍යක්ෂකවරු පත් කිරීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුවක

වැඩ බලන අධ්‍යක්ෂකවරු පත් කිරීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුවක

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රෝහල් සහ ආයතන සඳහා ස්ථාන කිහිපයක සේවය කරන රෝහල් අධ්‍යක්ෂකවරුන් හෝ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම නිසා මේ වන විට ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති චෝදනා කරයි.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි ප්‍රධාන රෝහලක පූර්ණකාලීනව සේවය කළ යුතු රෝහල් අධ්‍යක්ෂකවරයකු මෙරට සම්පූර්ණ සැපයුම් ජාලය සම්බන්ධ වෛද්‍ය සැපයුම් මේකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කරන්නේ කෙසේදැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රශ්න කරයි.

මේ අතර පසුගියදා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය සම කැඳවුම්කරු රවී කුමදෙස් මහතා ප්‍රශ්න කර සිටියේ මෙරට ප්‍රධාන තම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන බොරැල්ල ජාතික වෛද්‍ය පර්යේෂණආයතනය අධ්‍යක්ෂකවරයා යටතේ මේ වන විට වෛද්‍ය පර්යේෂණ කටයුතු අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඇණහිට ඇති බැවින් ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.

දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන අධ්‍යක්ෂ ධූරය දරන විේෂඥ වෛද්‍ය සුරංග දොළ මුල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ගත් තනතුරු කීපයක් දරන බව වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෘතික සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ද සෞඛ්‍ය අමාත්‍යංශය තුළ එකිනෙකට වෙනස් තනතුරු කීපයක් කරන අතර කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබල් අධ්‍යක්ෂකවරයාට එරෙහිව මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද දැඩි විරෝධය පළ කොට ඇත.

වෛද්‍ය සැපයුම් ඒකකය සඳහා ද ස්ථිර අධ්‍යක්ෂකවරයකු නොමැති අතර දැනට ඒ සඳහා කටයුතු කරන වෛද්‍ය දේදුරු ඩයස් මහතා එහි වැඩ බලන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පසුගිය මාස හතක කාල සීමාව තුළ කටයුතු කළත් වෛද්‍යපයුම් එකේ කටයුතු බව සෞඛ්‍ය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකකය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ප්‍රධාන පෙරේ රෝහල් සඳහා වගකීම බාරගෙන කටයුතු කළ හැකි දක්ෂ රෝහල් පරිපාලකයන්ට අවස්ථාව ලබා නොදෙන්නේනම් ඉදිරි කාලයේදී බරපතළ ප්‍රශ්න ඇතිවන බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සෘජුව වගකීම භාර ගත යුතු බවත්ය.