පෞද්ගලික සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කෙරේ

පෞද්ගලික සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කෙරේ

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය රුපියල් 17,500/- දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම පිණිස 2024 03 25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.