ගුරු - විදුහල්පතිවරු අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මයි

ගුරු - විදුහල්පතිවරු අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මයි

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ජුලි (23) දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා "වැඩබිම" කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේය.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමින් ආරම්භ කර ඇති මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ පාසල් තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ඒ අයුරින්ම ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පවසා සිටි අතර, අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවන කිසිදු රාජකාරියකට සහභාගි නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.