දුෂ්කරතා හමුවේ වුවත් ගුරු හිඟය විසඳා තිබෙනවා - අධ්‍යාපන ඇමති

දුෂ්කරතා හමුවේ වුවත් ගුරු හිඟය විසඳා තිබෙනවා - අධ්‍යාපන ඇමති

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව වන මතාකාවර්ජනයක් මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.