වෛද්‍ය චමල්ගේ වැඩ තහනමට නිර්දේශ ලබා දුන් විමර්ශන ඒකකය නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවයි

වෛද්‍ය චමල්ගේ වැඩ තහනමට නිර්දේශ ලබා දුන් විමර්ශන ඒකකය නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවයි
  • මාස දෙකක් තුළ වාර්තාව ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නියෝග.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් වැරදි නිර්දේශ ලබා දෙන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයකගේ නිලධාරීන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු පෙත්සම්කාරක සභාවට කැඳවන ලෙස පෙත්සම්කාරක සභාවේ නියෝජිත මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගාමිණී වලේබොඩ, ජයන්ත කැටගොඩ ,රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය මෙම ඉල්ලීම සිදු කළ අතර ඒ අනුව ඔවුන් ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිතය.

මෙම වැඩ තහනම සඳහා නිර්දේශ ලබා දීමත්, වැඩ තහනම සිදු කළ අන්දමත්, වැඩසටහන සඳහා යොදාගත් හඬපට සහ වීඩියෝ පට කිසිසේත්ම අදාළ නොවන බවත් මේ දී කරුණු අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ සේවා කොම්ෂන් සභාව නොමඟ යවමින් නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව අනාවරණය වූ අතර එම නිර්දේශ මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති අන්දම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

ඉදිරි ජනාධිපතිවරණය අවසාන් වීමට පෙර මෙම විමර්ශනය වහාම අවසන් කොට අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස පෙත්සම් කාරක සභාව මෙහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන ලදී.

මෙම විමර්ශනයට සම්බන්ධව නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වීම සඳහා තමන් අදාළ පැමිණිලි බාර දෙන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජිය මහතා මෙහිදී පැවසීය.

ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රීති පටිපාටියන් උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස නිලධාරීන් මර්ධනයට කිසිදු රාජ්‍ය නිරතාවට අවස්ථාවක් නැති බවත් දැනට ආයතන සංග්‍රහයේ පවතින අඩුපාඩු හා කම්කරු ආඥ සමිති නායකයින්ට පවතින වරප්‍රසාද සම්බන්ධව විශේෂ විධිවිධ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සම්බන්ධ යහපත් රාජ්‍යයක් සඳහා වන කාරක සභාවේ දී යෝජනා ඉදිරිපත් කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වෙත පෙත්සම්කාරක සභාව වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.