සෞඛ්‍ය විමර්ශන නිලධාරීන් මාරු කරන්නේ වැරදි විමර්ශන යට ගහන්නද?

සෞඛ්‍ය විමර්ශන නිලධාරීන් මාරු කරන්නේ වැරදි විමර්ශන යට ගහන්නද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය පසුගිය කාලසීමාවේ කටයුතු කළ ආකාරය අනූව, සෞඛ්‍ය සේවාවේ දූෂණ වංචා පිළිබඳව ලැබෙන තොරතුරු හෙළිදරව් කර ගැනීමට වඩා, එම තොරතුරු හෙළිදරව් කරන ලද වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා යොදාගනු ලැබිණ. එසේම, එලෙස ඉදිරිපත් කරන ලද තොරතුරු සත්‍ය තොරතුරු බවට මේ වන විට රහස් පොලිසිය සහ අධිකරණය පවා පිළිගන්නා තත්ත්වයට පත්ව ඇත.

කෙසේ නමුත් හිටිය හැටි ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ සේවය කරනු ලැබූ විමර්ශන නිලධාරීන් තිස් දෙනෙකු අතුරින්, විසි හත්දෙනෙකු හදිසියේ මාරු කර යැවීම, එම තොරතුරු යටගැසීම සඳහාද සිදුවිය හැකි බැවින්, ඊට අදාළ නිශ්චිත හේතුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කළ යුතුය.

මෙම මෙම විමර්ශන නිලධාරීන් මාරු කිරීම සිදුවූයේ, සිදු කරන ලද විමර්ශනවල පක්ෂපාතී බව, දේශපාලන බලයට යට වීම, වැනි ගැටලුකාරී වරදක් හේතුවෙන් නම්, එම වරද නිවැරදි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමු කොට සිදු කළ යුතුය. එසේම එම වරද හිතාමතා සිදු කරනු ලැබුවේ නම්, ඊට නිශ්චිත දඬුවමක්ද ලැබිය යුතුය.

වරද පැහැදිලි කර ගැනීමකින් තොරව,  නිවැරදි කිරීමක්ද නොමැතිව, ස්ථාන මාරු කිරීමෙන් වරද යට ගැසීම පමණක් සිදුවේ.

| රවි කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය