ජන අරගලයේ නියමුවා විප්ලවවාදී දිවි ගමන නිම කරයි

ජන අරගලයේ නියමුවා විප්ලවවාදී දිවි ගමන නිම කරයි

නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් කම්කරු නායක හා ශ්‍රී ලාංකික වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” තම විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.

බ්‍රිතාන්‍යෙය් ක්‍රෙම්බ්‍රිජ් සරසවියෙන් තම ආචාර්ය උපාධිය ලබා, පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ වික්‍රමබාහු සහෝදරයා ජේ. ආර්.ජයවර්ධන ආණ්ඩුව විසින් ගෙන එනූ ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් කළු කොඩි එසවීම නිසා ඔහු රැකියාවෙන් නෙරපන ලදි.

පසුව වික්‍රමබාහු සහෝදරයා තම ජීවිතය පූර්ණ කාළිනව වාමාංශික දේශපාලනයේ නිරතවූ අතර, 80 වැඩ වර්ජනයේදී අත්අඩංගුවට පත්ව බෝගම්බර සිරගෙදර සිරගත කරන ලදි.

වික්‍රමබාහු සහෝදරයා ජාතීන් ගේ ස්වයං නීර්ණය අයිතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගේ වෛරයට පත්‍ර වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවස්ථා කිහිපයකදීම ජාතිවාදින්ගේ ප්‍රහාරවලට ද ලක් විය.

88-89 දකුණේ දේශප්‍රේමී සිංහල කැරළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තම ජීවිතය බේරාගත්තේද ඉතාමත් අසීරුවෙනි. තම ජීවිතය කැරළිකරුවන්ගේ තර්ජනයට ලක්වූවත්, තම පක්ෂයේ සහෝදරවරුන් දේශප්‍රේමී සිංහල කැරළිකරුවන්ගේ ප්‍රහාරවලට ගොදුරු බවට පත්වෙද්දීත් බාහු සහෝදරයා තම මතය වූයේ  කරළිකරුවන්ගේ ප්‍රහාරවලින් තම ජීවිතය බේරාගැනීමට උපදෙස් දුන්නා මිස ඔවුන්ට පෙරලා පහර නොදිය යුතුය මතයෙහිය.