කර්මාන්තශාලා වල සේවයේ නිරතවන්නන්ට ලබා දෙන ආහාර පෝෂණීයද?

කර්මාන්තශාලා වල සේවයේ නිරතවන්නන්ට ලබා දෙන ආහාර පෝෂණීයද?

ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තයන් ගෙන් එකක් මෙන්ම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා රෙදිපිළි හා ඇඟලුම් නිපැයුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අපනයන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඇඟලූම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ විනිමය උපයන්නා වන අතර වෙළඳ භාණ්ඩ අපනයනයෙන් (50%) කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අපගේ මුළු අපනයන වටිනාකමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා එය දායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය, රටේ ශ්‍රම බලකායෙන් (15%) ක් පමණ වු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙන අතර, රටේ සමස්ත අපනයනයෙන් භාගයක් පමණ වේ. ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිපදවන රටවල් අතර එහි ජනගහනයට සාපේක්ෂව බලන විට ශ්‍රී ලංකාව එහි ප්‍රධාන ස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව පුරාම විහිදුණු සියලුම කර්මාන්තශාලා 800 ක පමණ ලක්ෂ 4 කටආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන්ට ලබා දෙන ආහාර වේලෙහි පෝෂණය ගැන ඔවුන් එතරම් තෘප්තිමත් නොවෙති.

ආහාර යනු, මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. ආහාර ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ලබා දෙයි. ආහාර නොමැතිව අපට ජීවත් විය නොහැකි ය. කුසගිනි නිවා ගැනීම සඳහාත්, සිරුරට අවශ්‍ය ශක්තිය හා පෝෂණය ලබා ගැනීම සඳහාත් ආහාර අත්‍යවශ්‍ය වේ. පෝෂක නිවැරදි ලෙස අඩංගු සෞඛ්‍යවත් ආහාර වේලක් ගැනීමෙන් නිරෝගී දිවියක් ගත කිරීමට හැකි වේ. සෞඛ්‍යවත් ආහාර වේලක් යනු සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වූ සෞඛ්‍යාරක්ෂිත ව පිළියෙල කළ ආහාර වේලකි.

මෙවැනි සෞඛ්‍යවත් ආහාර වේලක් මගින් ප්‍රධාන කාර්යයන් තුනක් සිරුරට ඉටු කෙරේ. ඒවා නම්, ශක්තිය ලබා දීම, වර්ධනය කිරීම, රෝග වලින් ආරක්ෂා කිරීම වේ. නමුත් මේ විදේශ විනිමය උපයන්නන් හට ලබා දෙන අහාර වේලෙහි පෝෂණය කෙසේ වෙතත් පිරිසිදුකම හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව ඇත්තේ ඉතා අමිහිරි ගැටලුකාරී තත්ත්වයකි.

කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති ඇතැම් කර්මාන්තශාලාවල සේවය කරන්නන්ගෙන් විමසූ ප්‍රශ්න වලදී තමන් හටලබා දෙන ආහාර වේලවල්හි යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති බව ප්‍රකාශ කරයි. ඇතැම් විට බත්වල සැලකිය යුතු තරම් ගල් ඇති බවත්, එළවළු ව්‍යංජන වල සෞඛ්‍ය සම්පන්න භාවයක් නොමැති බවත් ඔවුන් නිතර නඟන මැසිවිල්ලෙකි. විටෙක එකම ආහාර වට්ටෝරුව දවසක් ඇර දවසක් ලබාදෙන බවද ඔවුන් ප්‍රකාශ කරයි. කර්මාන්තශාලා තුළ සැලකිය යුතු තරම් තිබිණි. මව්වරුන් සේවය කරන අතර ඔවුන්ටද ලබා දෙන්නේ එම ආහාරවල වන අතර එයද යම්කිසි ගැටලුකාරී තත්ත්වයකි.

සාමාන්‍යයෙන් ඔවුන්ගේ වැටුපෙන් යම්කිසි සැලකිය යුතු මුදලක් ආහාර වේලවල් සඳහා අයකර ගනියි. එසේ කර තිබියදීත් ඔවුන්ට පෝෂි දහයි සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොදෙන්නේ මන්ද යැයි තවමත් ගැටලුවකි.

මිනිසුන් බඩගින්නේ හෝ අප්‍රිය ජනක ආහාර ලබාදී ලබාගන්නා ලාභ වලින් ප්‍රයෝජනයක් නැත. විශාල ලාභ ලබා ගත්තද එහි ප්‍රගතියක් නැත. මන්ද සේවකයන් ආහාර වලින් තෘප්තිමත් නැති නිසායි. ජාතික පෝෂණ මාසය යෙදී ඇත. මෙම 2024 ජුනි මාසයේ පටන් සිටවත් පෝෂ්‍ය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට හැකිවනු ඇතැයි ලංකාවේ සියලුම කම්කරු සහ ශ්‍රමික ප්‍රජාව බලා සිටින්නෙමු. අදාළ කර්මාන්තශාලා හිමිකරුවන් සහ බලධාරීන්ද, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ද ඇස් ඇරෙනු ඇතැයි වැඩකරන අනාගත තරුණ ප්‍රජාව සහ ක්‍රියාශීලී කම්කරු ප්‍රජාව බලා සිටිනු ඇත. සෞඛ්‍ය සම්පන්න සහ පෝෂදායි ආහාර වේලකින් තොරව ක්‍රියාශීලී සහ නිරෝගිමත් වැඩ කරන ජනතාවක් ගොඩනැගිය නොහැක.

| සදුන් එම්. ප්‍රනාන්දු (රතු විත්ති)