මැතිවරණ සමය තුළ දුස් හා ව්‍යාජ පුවත් තේරුම්ගෙන කටයුතු කළ යුතුයි - මොණරාගල දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරි ආර්. ඒ. පසන් එස්. රත්නායක

මැතිවරණ සමය තුළ දුස් හා ව්‍යාජ පුවත් තේරුම්ගෙන කටයුතු කළ යුතුයි - මොණරාගල දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරි ආර්. ඒ. පසන් එස්. රත්නායක

සිදුවිමක් හෝ සිද්ධියක් දුටු පමණින් විවිධ අර්ථකතනය  සපයනමින් වැරදි දුස් තෙරතුරු සමාජගත කිරිම තුළ සිදුවන හානිය සුලුපටු නොවන බවත් එළඹෙන මැතිවරණ කාලය තුල මාධ්‍ය හරහා පළවන  එවැනි දුස් තොරතුරු හා ව්‍යජ පුවත් හොදින් හසුනාගෙන හා තේරුම් ගෙන කටයුතු කිරිම කළ යුතුව අතැයි ‍මොණරාගල දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරි ආර්. ඒ. පසන් එස්. රත්නායක මහතා කියා සිටියේය.

රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමට කටයුතු සැලසුම් කරගෙන යමින් සිටින කාලය තුළ විවිධ විද්‍යුත් මුද්‍රිත මෙනම සමාජ මාධ්‍ය ඔස්සේ  විටින් විට පළවන හා ප්‍රචාරය කරනු ලබන දුස් තොරතුරු හා ව්‍යජ පුවත් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතු අකාරය සම්බන්යෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි .

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා මෙසේද කියා සිටියේය .

 සමාජ මාධයයේ මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මධ්‍යවල ප්‍රචාරය වන අතැම තොරතුරු  ජනතව කොයිතරම් දුරට පිළීගන්නවද කියන ඒක මත තමයි ඔ්නෑම දෙයක් තිරණය වෙන්නේ . ඒවැනි ඇතැම් මත, අදහස් පසුගිය මැතිවරණවලදි ගොඩාක් ලොකු බලපෑමක් කළා.

විශේෂයෙන්ම මේ වන විට ඒ්.අයි. (AI) තාක්ෂණය  හරහා විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව වගේම ඇමරිකාව යුරෝපයේ රටවල් බොහෝමයක මේ තාක්ෂණය බහුලව මැතිවරණවලදි මෙන්ම වෙනත් දේවල් සඳහා යොදා ගන්නවා. ඒ් හරහා මේ තාක්ෂණයේ නිපුණයින්ට බොහෝ දේවල් සමාජ ගතකළ හැකියි. එවැනි තත්ත්වයන් අපට  සම්පුර්ණයෙන්ම වලක්වාගන්න අපහසුතාවයක් තියෙනවා. නමුත් ක්‍රියාමර්ගයක් ගත යුතුයි .

එපමණක් නෙවෙයි  සමාජ මාධ්‍ය නතර කලත් කණ්ඩායම් රැස්විම් ශබ්දවාහිනි ගුවන් විදුලි හෝ රූප මාධ්‍ය හරහා පදනමක් නොමැති තොරතුරු ජනතව අතරට යාම සිදුවිය හැකිය. ජනතාව කළ යුතුවන්නේ නිවැරදි තොරතුරු කල්පානාවෙන් සිහි බුද්ධියෙන් විමසා බලා තෙරුම් බේරුම් කර ගැනිමයි.

විශේෂයෙන්ම බොහෝවිට නිතර අපි  දකින තවත් දෙයක් තමයි මාධ්‍ය භාවිතයේදි   යම්කිසි සිදුවිම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදි විවිධ අර්ථ කථනයන් විග්‍රහන් සිදුකරනවා. ඇතැම් විට ඒ් පැහැදිලි කිරිම් සිදුකරන පුද්ගලයින්ට ඒ් සිද්ධි සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් වත් නෑ. එවැනි තොරතුරු සමාජ ගතවිම තුල බොහෝ විට සිදුවන්නේ වැරදි අදහසක් සමාජ ගතවීමයි .

විශේෂයෙන්ම එවැනි විග්‍රහයන් සිදුකිරිමෙිදි තමන් නොදන්නා හා නොදැක්ක සිදුවිම් වලට අදහස් එකතු කරන විට ඊට අදාළ  සියලු පැතිකඩ අධ්‍යයනය කළයුතුයි. පිටුපස තිබෙන විවිධ පැති අවබෝධයක් නැතිව විද්වතුන් නොවන පුද්ගලයින් විවිධ අර්ථ කථනයන් දෙනවා . ඇතැම් සිදුවිම් සම්බන්ධයෙන් පොලිස්ප රික්ෂණ තියෙනවා. ඒ් තොරතුරු ඉදිරිපත් කළ යුතු වන්නේ  සනාථ වු පසුවයි. නමුත්  මිනිස්සු ඊට වඩා කලින් ඉස්සරවෙනවා . පුවත් පළ කිරිමේදි සමාජ මාධ්‍යකරුවන් වගේම සියලුම මාධ්‍යෙදාරාවන්  සිද්ධියක් හෝ තොරතුරකට අදාළ හොදටම තොරතුරු දන්නා විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක් වගේම  විවේචන අදහස් දක්වන්න තියෙන සුදුසුකම ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙකු හා සම්බන්ධ කරගනිමින් අදහස් පළ කිරිම තුල ජනතාවට වඩා විශ්වසනීය තොරතුරක් ලැබෙනවා .

මෙවර මැතිවරණ කාල සීමාව තුල එවැනි දුස්  තොරුතුරු  වැරදි අර්ථකථනයන් හා මඩ ප්‍රචාරයන් සිදුකරනවානම් මැතිවරණ කොමිෂන් සභාවත්, පොලිස් පරිඝණක අපරාධ කොට්ඨාශයත්, නිරික්ෂණ සංවිධානත් ක්‍රියාත්මක වෙයි. නිරන්තයෙන් ජනතාවට මෙවැනි අසත්‍ය තොරතුරු වලට නොරුවටෙන ලෙස ජනතාව දැනුම්වත් කිරිම සෑම මාධ්‍යයකම වගකීමක් හා යුතුකමක්.

| සාකච්ඡා සටහන - ඉන්දික ගරුසිංහ, වැල්ලවාය

 

සබැඳි පුවත්