මැතිවරණ සමයකදී වෛද්‍ය චමල් සංජීවගේ ස්ථාන මාරුව ප්‍රශ්ණකාරීයි

මැතිවරණ සමයකදී වෛද්‍ය චමල් සංජීවගේ ස්ථාන මාරුව ප්‍රශ්ණකාරීයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න සහගත ස්ථාන මාරුවීම් සිදු නොකරන ලෙසට මැතිවරණ කොමිසම මගින් අදාළ රෙගුලාසි නිකුත් කර තිබියදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට බේරුවල රෝහල  වෛද්‍ය අධිකාරී ලෙස ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගත් පියවරට එරෙහිව මැතිවරණ කොමසාරිස් තුමා දැනුවත් කොට ඇත.

පිළිගත් වෘත්තිය සමති ව්‍යාපාරයක නායකයකු ලෙසද, බාල ඖෂධ සම්බන්ධ කරුණු අනාවරණය කිරීම මත තමන්ට ඇති ආරක්ෂාව සම්බන්ධ ගැටළු ද නිසා කොළඹ තදාසන්න ඇබෑර්තු සහිත ස්ථානයකට අනුයුක්ත කරන ලෙසට ඒ මහතා කළ ඉල්ලීම ඉවතලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෛද්‍ය චමල් මහතා බේරුවල රෝහලේ වෛද්‍යා අධිකාරිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම පත්කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදුකොට ඇති බැවින් මෙය පැහැදිලිව මැතිවරණ නීති රීති උල්ලංඝනයක් වනඅතර, මේ සම්බන්ධව වෘත්තීය හා සිවිල් ව්‍යාපාරය  පසුගිය සිකුරාදා මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලිකව හමුවී ද මෙම  ඉල්ලීම කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හා කොළඹ තදාසන්න ප්‍රදේශවල ප්‍රමාණවත් තරම්  ඇබෑර්තු තිබියදී වෛද්‍ය චමල් සංජීව මහතා බේරුවල රෝහලට ස්ථාන මාරු කිරීම ප්‍රශ්ණකාරීය.