විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රජය විසින් වරින්වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇත.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ.

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප, 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක I අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500/-ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.