"අපේක්ෂා රෝහලේ රෝගීන් හරවා යැවීම" මාධ්‍යවල පළවූ පුවතට පිළිතුර

"අපේක්ෂා රෝහලේ රෝගීන් හරවා යැවීම" මාධ්‍යවල පළවූ පුවතට පිළිතුර

අගොස්තු (28) අපේක්ෂා  රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ට නැවත හැරී යාමට සිදුවූ බව ගම්‍ය වන ආකාරයෙන් පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය තුළ පුවත නිවැරදි නොවන බවත් ඒ පිළිබඳ නිවැරදි කිරීම මෙම පැහැදිලි කිරීම තුළින් ජනතාවට කරුණු පැහැදි කරමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වුනු අතර  එය කිසිදු ආරාධිත අමුත්තෙකු හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකගේ සහභාගිත්වයෙන් තොරව සංගමයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක්ම පැවැත්විණි. වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වීම සඳහා සියලු රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව අවසර ලැබෙන අතර අප සංගමයේ මහ සභා රැස්වීම පැවැත්වූයේ දිවයින පුරා රෝහල්වල රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු අඩාල වීමකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සේවාවේ යොදවා නිදහස් කළ හැකි නිලධාරීන් ප්‍රමාණය පමණක් රැස්වීම සඳහා සම්බන්ධ කර ගනිමිනි.

විශේෂයෙන්ම මෙම වාර්ෂික රැස්වීමේදී අප සංගමයේ නිලධාරීන්ට ඉදිරි වර්ෂය තුළදී රෝගී සත්කාර සේවාව පවත්වාගෙන යාම සඳහා සාමාජිකයන් ලෙස අප වෘත්තීය මට්ටමෙන් සිදුකළ හැකි උපරිම කාර්ය සහ රෝගී පොරොත්තු ලේඛන යන්ත්‍ර බිඳවැටීම් කඩිනමින් යථාවත් කිරීම සම්බන්ධයෙන් අපට සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම වැනි සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය කාරණා ද සාකච්ඡාවට බඳුන් කොට උපදෙස් ලබා දෙන ලදී.

අපේක්ෂා රෝහලේ CT scan පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ , හදිසි විකිරණ ප්‍රතිකාර සේවා සඳහා නිලධාරීන් සේවයේ යෙදවීම සිදුකර ඇති අතර මෙම මහ සභා රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කර නිසි ක්‍රමවේදයට අනුව සිදුකොට ඇත.

විකිරණ ප්‍රතිකාරයක් ලබා දීමේදී රෝගියකු දින 5 සිට 35 දක්වා (පිළිකාවේ ස්වභාවය අනුව) අප නිලධාරීන් විසින් ප්‍රතිකාර කටයුතු කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව දිනට නියමිත ප්‍රතිකාර සඳහා සිටින රෝගීන් සියලු දෙනාට අදාළ ප්‍රතිකාර කටයුතු නොකරන බවත් ඒ වෙනුවෙන් සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ ප්‍රතිකාර කටයුතු කරන බවත් නිසි පරිදි දැනුම් දී රෝගීන් රෝහලට පැමිණීම වැළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව කටයුතු සිදුකර ඇත. සාමාන්‍යයෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගියෙකු අඛන්ඩව මේ ආකාරයෙන් ප්‍රතිකාර ගැනීමේදී සතියට දින දෙකක විකිරණ විවේකයක් ලබාදීම සිදුකරන අතර සාමාන්‍යයෙන් සතියකට දින පහක් ප්‍රතිකාර කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව විකිරණ ප්‍රතිකාර කටයුත්ත බාධා වීමකින් හෝ අතපසුවීමකින් තොරව රෝගියාට ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.

එසේම අත්‍යවශ්‍ය වන හදිසි ප්‍රතිකාර කටයුතු තවත් නිලධාරීන් 10  දෙනෙකු පෙර සූදානමින් තබා තිබූ අතර දැනුම් දීමක් ලබා දෙන ඕනෑම එම නිලධාරීන් එම ප්‍රතිකාර කටයුතුවලට සම්බන්ධ වීමට සූදානම් කර තිබූ නමුත් කිසිදු එවන් ප්‍රතිකාර කටයුත්තකට එම නිලධාරීන් කැඳවා නොතිබුණි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීවෘත්තිකයන් වශයෙන් අපි සෑම විටම රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතුවල අඛණ්ඩ භාවය සහ කාර්යක්ෂම භාවය වෙනුවෙන් මැදිහත්වීම් සිදුකළ අතර අපගේ සේවාව සුමටව පවත්වා ගැනීමට සියලු උත්සාහයන් දරා ඇත.

එය එසේ නමුත් අපේක්ෂා රෝහලේ පසුගිය 17 වැනිදා බිඳවැටුණු යන්ත්‍රය ලීනියර්  ඇක්සලරේට යන්ත්‍රයක් නැවත යථා තත්ත්වයට පත් කළේ 28 දිනවන අතර දින 12 ට පසු නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම පසුදා උදෑසන සිදු කරන ලදී. දීර්ඝ කාලයක් තිස්සේ යන්ත්‍ර බිඳවැටීම යන්ත්‍ර නඩත්තු නොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වීම සම්බන්ධයෙන් වග නොකියන බලධාරීන් 28 දින සත්‍යවශයෙන්ම සිදු නොවූ කාරණාවක් සම්බන්ධයෙන් අප නිලධාරීන් වෙත දෝෂාරෝපණය එල්ල කොට ඇත. ඒ පිළිබඳව අප දැඩිව කණගාටු වන අතර එවැනි දෝෂාරෝපණ හේතුවෙන් අප රෝගීන් වෙනුවෙන් සිදුකරන සත්කාර සේවාවන් සහ යන්ත්‍ර බිඳවැටීම් නැවත යථාවත් කිරීමට සිදුකරන මැදිහත්වීම් හකුලවා නොගන්නා බවත් සත්‍ය වශයෙන්ම එවන් ගැටලුවක් ඇති නොවූ බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඇති කිරීම සඳහා අනවසර පාර්ශවයක් රෝගීන් කැඳවා අත්දැයි සොයා බැලීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් දැනුම් දෙමු.