වෙළඳ කලාපවලට ඡන්ද පෙට්ටියක් ඉල්ලයි

වෙළඳ කලාපවලට ඡන්ද පෙට්ටියක් ඉල්ලයි

කටුනායක,බියගම, කොග්ගල, වතුපිටිවල වැනි නිදහස් වෙළඳ කලාපවලට සංක්‍රමණය වී සේවය කරන ලක්ෂ සංඛ්‍යාත සේවක සේවිකාවන් අතරින් විශාල පිරිසක් විවිධ ප්‍රායෝගික දුෂ්කරතා මත තමන්ට හිමි ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට නොහැකි වන බව හා පවසා ඇත.

රටේ ඉතා දුර බැහැර ප්‍රදේශවලින් නිදහස් වෙළඳ කලාප කරා පැමිණි සේවක සේවිකාවන් මැතිවරණ දිනයේදී අධික ප්‍රවාහන වියදම්, ප්‍රවාහන දුෂ්කරතා, නිවාඩු, හරස් පද ගලපමු.

දරුවන් ගෙන යාමේ සහ දමායාමේ අපහසුතා වැනි කරුණු මත ඇතැමුන් ජන්දය ප්‍රකාශ කිරීමට යෑමෙන් වැළකී සිටී. කරුණු එසේ හෙයින් එම තත්ත්වයන් මගහරවා ගැනීම සඳහාත් ඔවුන්ගේ වටිනා ඡන්දය භාවිතයට ගැනීම සඳහාත් මැතිවරණ දිනයේදී ඉහත සඳහන් කර ඇති නිදහස් වෙළඳ කලාපවල විශේෂිත චන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට හැකියාවක් තිබේද යන්න සලකා බලා ඉහත කාරණාව සම්බන්ධව සොයා බලාගන්න ඊට ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති සහ සංවිධාන කීපයක් විසින් ඉහත සඳහන් කරුණු සහිත ලිපිය ඊයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාර දෙන ලදී.