ලියාපදිංචිය නැතුව ඉන්දියන් ඖෂධ ගෙන්නන්න එක සමාගමකට ඒකාධිකාරයක් හදලා දෙන්නේ කාගේ වුවමනාවටද?

ලියාපදිංචිය නැතුව ඉන්දියන් ඖෂධ ගෙන්නන්න එක සමාගමකට ඒකාධිකාරයක් හදලා දෙන්නේ කාගේ වුවමනාවටද?

ලියාපදිංචිය නොමැති ඉන්දියන් සමාගමක් තෝරාගෙන, ඒකට ශ්‍රී ලංකාව තුළ ඖෂධ ඒකාධිකාරයක් හදා දෙන්න කෙහෙළිය වගේම රමේෂ් පතිරණ අමාත්‍යවරයාත් උත්සාහ කරන බව පහුගිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෝ ලංකාවේ හිටියේ නැහැ කියලා එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වුණා ගෙන්නන්න හදන ඖෂධ වර්ග තිස් හතෙන් 27ක්ම ලංකාවේ දේශීය ආනයනය ආනයනකරුවන් ලියාපදිංචි කරපු ඖෂධ. ඉතුරු ඖෂධ දහයෙන් අටක් සඳහාම ලියාපදිංචි අවසරය ඉල්ලා තිබුණත්, ඖෂධ නියාමන අධිකාරිය එම ලියාපදිංචිය  ප්‍රමාද කරලා තියෙනවා.

මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වෙන්නත් ඉස්සෙල්ලා, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියෙක් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්දියාවේ ඩොක්ටර් රෙඩිස් කියන සමාගම බලන්න ගිහිල්ලා තියෙනවා. මේ සමාගම තෝරගත්තේ කොහොමද. ඒ සමාගමට ඒකාධිකාරයක් හදලා දුන්නම ලංකාවේ මිනිසුන්ට වෙන වාසිය මොකක්ද.

මේ ගෙන්නන්න හදන ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් දේශීය ඖෂධ කර්මාන්ත කරුවන් විසින් නිෂ්පාදනය කරන ඒවා. ඉන්දියාවේ සමාගමකට ඒකාධිකාරයක් හදලා දුන්නම, අපේ රටේ බොහොම අමාරුවෙන් ගොඩ ගත්ත දේශීය නිෂ්පාදන කර්මාන්ත වැහිලා ගියොත් ඒකෙන් රටට වෙන වාසිය මොකක්ද. දේශීය කර්මාන්ත වහලා දාන එකද රජයේ වර්තමාන ප්‍රතිපත්තිය.

මේ සියල්ල සිද්ධ වෙන්නේ කැබිනට් මණ්ඩලයේ එකඟතාවය. ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතා කරන මේ වෙලාවේ අපි කැමතියි දැනගන්න ඕනෑම හොරකමක් නීතියානුකූල කරන්න පුළුවන් මේ වගේ අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙන ප්‍රතිපත්ති හදන්න පත්වෙන්න ඉන්න ජනාධිපතිවරු කී දෙනෙක් අවධානය යොමු කරල තියෙනවද කියල.

මේ වෙනකොට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා විතරක් හිරේ හිටියට, ඔහුගේ ඒ සියළු තීරණ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තියෙනවා. කෙහෙළියගේ ඒ පාරෙම ගිහිල්ලා හදපු අලුත් කැබිනට් පත්‍රිකාවත් මේ වෙනකොට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තියෙනවා කියලයි අපිට වාර්තා වෙන්නේ. එනිසා කෙහෙළිය හිරේ යැව්වා කියලා ක්‍රමය වෙනස් වෙලා නෑ.

දැනට ඉදිරිපත් වෙලා තියෙන කිසිදු ජනාධිපතිවරුවෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල හොරකම දූෂණය වංචාව නීතියානුකූල කරන මේ පවතින ක්‍රමය වෙනස් කිරීම ගැන කවුරුත්ම කතා කරල නෑ.

දැන් අපි ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකේ

ඉස්සරහට පත් වෙන ජනාධිපතිට ණය ගෙවන්න වෙනවා. එදාට තමයි ඇත්ත ප්‍රශ්ණය එන්නේ

ප්‍රතිපත්ති ප්‍රකාශ මතුපිටින් අත ගාලා මිනිස්සු රැවැට්ටුවාට, අර්බුධය ජය ගන්න බැහැ

ලංකාවේ ජනාධිපතිපතිවරු වෙන්න ඉන්න අයගේ ප්‍රතිපත්ති බොහොමයක් සිහින ප්‍රතිපත්ති. ඒවා කරන්නේ කොහොමද කාල වකවාණුව මොකද්ද, ප්‍රතිපාදන හොයා ගන්නේ කොහොමද කියන දේවල් මොකුත් නෑ.

ගත්ත ණය 2028 වසරේදී අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. දැන් රට මාරයි කියන අය හිතනවානම් ණය නොගෙවා සදාකාලිකව ඉන්න, ගෝඨාභය රාජපක්ෂට හොදම ජනාධිපති වෙන්න තිබ්බා.

නිදහස් සෞඛ්‍ය සේවාව දිගටම පවත්වාගෙන යනවා කියලා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා. ඒක අනිත් අපේක්ෂකයොත් හෙට අනිද්දා වෙනකොට කියයි. ඒත් ඒක කොහොමද කරන්නේ කියල කවුරුත් කියන්නේ නෑ.

ලංකාවේ සෞඛ්‍ය සේවාවෙන් සියයට පණහක් දැනටමත් පෞද්ගලිකරණය වෙලා ඉවරයි.

රවී කුමුදේශ්

කැඳවුම්කරු

පුරවැසි සංවිධාන එකමුතුව