නව කම්කරු ඇමතිනිය, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසද වැඩ අරඹයි

නව කම්කරු ඇමතිනිය, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසද වැඩ අරඹයි

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස (24) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව, එදිනම පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ ද වැඩ ආරම්භ කරන ලදි.

රෝගී ජනතාවගේ ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ද අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිස නව රජයේ ප්‍රතිපත්ති හා බැඳෙමින් කටයුතු කිරීමට කැපවෙන බව එතුමිය එම අවස්ථාව් දී ප්‍රකාශ කරන්නට යෙදිණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය තනතුරුට අමතරව, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂන අමාත්‍යාංශය, කාන්තා, ළමා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ වානිජ ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යංශවල අමාත්‍යවරිය ලෙසද කටයුතු කරනු ලබයි.