කොළඹ රතුකුරුසයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ප්‍රථමාධාර සේවා

කොළඹ රතුකුරුසයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ප්‍රථමාධාර සේවා

කොළඹ  දිස්ත්‍රික්කයේ  ගංවතුරින්  විපතට පත් ජනතාවට  ප්‍රථමාධාර  සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය ලබාදීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ  කොළඹ ශාඛාව පියවර ගෙන ඇත.

ඒ අනුව පසුගිය දොළොස් වෙනිදා (12) කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන කඳවුරු දින හයක් පවැත් වූ බවත් එම වැඩ සටහනේ දෙවන අදියර අද දින  (22)කොළොන්නාවේ සාලමුල්ල ග්‍රාමලධාරී වසමේ ගමගේවත්ත මෙහෙණි ආරාමයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.

මෙම ප්‍රථමාධාර  හා සෞඛ්‍ය වෛද්‍ය සායනවලදී අපජලය මිශ්‍ර වූ ගංවතුර ජලය හේතුවෙන් විවිධ  රෝගි හා ආසාදන තත්ත්වයන්ට ලක් වූ  සහ තුවාල සිදු වූ අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොමිලේ ලබාදුන් බවත්,  මෙම කාලගුණ තත්ත්වය තුළ බහුලව වැළදෙන  රෝග තත්ත්වයන් වළකා ගැනීම පිළිබඳ ප්‍රදේශවාසීහු දැනුවත් කිරීමද  සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළාය.