පසුගිය කාලයේ දී බාල ඖෂධ නිසා ආබාධිත තත්ත්වයට පත් වූ රෝගීන් මුහුණපාන ලද ගැටළු ඇතුලු කරුණූ කිහිපයක් පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවී වී සාකච්ඡා සිදු කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධාන නියොජතයින් පිරිසක් (25)දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියට පැමිණියහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ඇතුලු නිලධාරින් ඔවුන් හමුවට පැමිණ සෞඛ්‍ය අමාත්‍යතුමා හමුවී සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබාගැනීමට අදාලව රැගෙන ආ ලිපිය බාර ගැනීමට කටයුතු කරන ලදි.
පසුගිය කාලයේ දුර්වල සහ දුෂිත සෞඛ්‍ය පරිපාලනය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාදාමයන් කෙරෙහි මහජන විශ්වාසය බිදවැටී ඇති බවත්, එම තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කොට ප්‍රායෝගික විසදුම් ලබාගත හැකි ක්රමෝපායන් පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාට අදහස් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් ඉදිරිපත් කළ ලිපියේ සදහන්ව තිබුනි.
ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ හේතුවෙන් විපතට පත් රෝගීන්ගේ ගැටළු සමබන්ධයෙන් මේ වන විට කරුණු අධ්‍යයනය කර ඇති බවත්, ඒ පිළිබද විවිධ කමිටු හා වාර්තා හරහා තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන්ට සාධරණය ඉටු කිරීමට මෙන්ම වගකිව යුතු ඖෂධ සමාගම් වෙතින් අදාල වන්දි මුදල් ලබාගැනීමට අදාල නීතිමය කටයුතු අරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු කටයුතු සුදානම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යතුමගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා මෙහිදී එම පිරිස හමුවේ පැවසීය.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද මින් ඉදිරියට මෙවැනි තත්වයන් ඇති වීම වැළැක්වීමට දැනටමත් සෞඛ්‍ය අමාත්‍යතුමා මුලික පියවර ගෙන ඇති බවද, ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.