සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට මොකද වුණේ ?

ministry-of-health

සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වුණාද, අස් කලාද? - සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හිටිහැටියේ ඉවත්කොට, සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලනය වැඩ බලන ලේකම්වරියක යටතට පත්කොට තිබේ.

හිටිහැටියේ සිදුවන මෙම සිදුවීම පිළිබඳව නිවැරදි තොරතුරු මෙතෙක් නිරාවරණය වී නොමැති බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමකි.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව ඉවත් කළේද ඔහු ඉල්ලා සුවයද යන්න, සෞඛ්‍යවරයාගේ සහ එම ලේකම්වරයාගේ ප්‍රශ්නයක් පමණක් නොව ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබඳව ගැටලුවකි. එබැවින් එම සිදුවීමට අදාළ වු කරුණු හෙලිදරව් කිරීම සෞඛ්‍ය සේවාව වෙණුවෙන්  ඉටු විය යුතු වගකීමකි.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව ඉවත් කිරීම වර්තමාන රජය හෝ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිදු කරන ලද්දක් නම් ඊට වඩා දක්ෂ පරිපාලකයකු පත් කිරීමේ වගකීම ඔවුන් සතුවේ. එසේ නොමැතිව හුදු දේශපාලනීකරණය සඳහා හිටපු ලේකම්වරයාව ඉවත්කොට තමන්ගේ කඳවුරේ කෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශ පුටුවේ ඉන්දවීමට රජය උත්සාහ කරන්නේනම් එය වනාහි පරණ භාවිතාවම බව පෙන්වාදීමට සිදුවේ. විශේෂයෙන්ම හොරකම දූෂණය වංචාව සහ නාස්තිය මත පදනම්ව සෞඛ්‍ය සේවාව බරපතළ කඩාවැටීමකට ලක්ව තිබෙන මොහොතකදී පත්වූ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා, තමන් සතු වූ ජාත්‍යන්තර අත්දැකීම් ද භාවිත කරමින් ඉතා සීරු මාරුවට සෞඛ්‍ය සේවාව වෙනස් කරමින් තිබූ බව දේශපාලන භේදයකින් තොරව අප පිළිගත යුතුය. වර්ථමාණ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහාද ඔහුගේ විසංවාදයක් පෙනෙන්නට නොතිබෙන තත්වයක් හමුවේ පැරණි දේශපාලන සම්ප්‍රදායටම, දේශපාලන හිතෛෂීන් තැන නොතැන නොබලා ලොකු පුටුවල ඉන්දවීමක් සිදුව ඇත්නම් එය කිසිසේත්ම මහජනතාව අපේක්ෂා කල ක්‍රම වෙනස නොවන බව අවධාරණය කරමු.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනය කළ ලේකම්වරුන් අතරින් පරිපාලන ගුණාත්මකභාවය  ආරක්ෂා කළ, නවීන තීරණ ගැනීමේ රටාව පිළිබඳව අවබෝධයක් ඇති වෛද්‍ය පාලිත මහීපාල වැනි අයෙකු ඉවත් කිරීමට තරම්, නව සෞඛ්‍ය ඇමතිවරයා ඉක්මන් වූයේ ඇයි?

ඔහුට සෞඛ්‍ය පරිපාලනය පිළිබඳව ජාත්‍යන්තරව ලබාගත් විශිෂ්ට අත්දැකීමක් සහ දියුණු පරිපාළණ යාන්ත්‍රණය පිළිබඳ ප්‍රගුණ වූ හැඟිමක් තිබුණි. ඔහු වෛද්‍ය පරිපාලකයෙකු වුවද, වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය වෙනුවෙන්ද සමානව සැලකීමේ ගුණාංගය සෞඛ්‍ය අමාත්‍යාංශය තුල යම්තාක් දුරකට හෝ පැල කරමින් සිටියේය.

ඔහුගේ පාලන කාලය තුළ හොරකම් කිරීමේ අභිලාෂයක් පෙනෙන්නට නොතිබුණු අතර ඊට අනුබල දීමක් පිළිබඳව චෝදනාවක් හෝ නැගීමට නොහැකි අයුරින්, හොරකම් වැලැක්වීම සඳහා අත්‍යවශ්‍ය වූ යාන්ත්‍රණයන් කිහිපයක් නිහඩවම ක්‍රියාවට නැංවෙන බව පෙනෙන්නට තිබුණි.

විවිධ දේශපාලන බලපෑම් විවිධ ආකාරයට පැමිණියත්, ඒවා ඉතා සියුම්ව කළමනාකරණය කරමින්, දේශපාලන බලය සමග නොගැටෙමින් හා ඊට යට නොවෙමින් සිය පරිපාලන ශක්‍යතාවය සියුම්ව මෙහෙයවීමට ඔහු දක්ෂයකු විය.

එවන් සෞඛ්‍ය පරිපාලකයකු හිටි හැටියේ ඉවත් කිරීමට හේතුව කුමක්ද? ඔහුගෙන් වැඩ ගැනීමට මම ආණ්ඩුවට හෝ නව සෞඛ්‍ය ඇමතිවරයාට නොහැකි වූයේ මන්ද? ඔහුව ඉවත් කරමින්, පත් කිරීමට යන්නේ කාවද? ඔහු යට කී අරමුණු සදහා වඩා වැඩි දක්ෂයෙක් බව පෙන්වාදීමට හැකියාවක් තිබේද?

කෙසේ නමුත්, එය වනාහි තමන්ගේ කඳවුරට කඩේ ගිය අයකු පුටුවේ ඉන්දවීම සඳහා පමණක් කරනු ලැබූ සාම්ප්‍රදායික තීන්දුවක්නම්, එය නව රජයේ යහපාලනය පිළිබඳව සහ ක්‍රම වෙනස පිළිබඳව නරක සංකේතයකි.

ලේකම්වරයෙක්ව සිටි කෙටි කාලය තුළ දේශපාලන බලහත්කාරකම්වලට යට නොවෙමින්ද සහ පාර්ශවික තීන්දුව නොගනිමින්ද, කිසි කිසිවිටක හොරකම් කළා යයි චෝදනාවක් හෝ කරන්නට නොහැකි අයුරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයක් කළ වෛද්‍ය පාලිත මහීපාල මහතාට අප ස්තූතිවන්ත වෙමු!