ජාත්‍යන්තර කාන්තා දිනය 2024 - "ඇයට ශක්තිය: රටට ප්‍රගතිය" 

ජාත්‍යන්තර කාන්තා දිනය 2024 - "ඇයට ශක්තිය: රටට ප්‍රගතිය" 

ජාත්‍යන්තර කාන්තා දිනය (IWD) මේ වසරේ මාර්තු 8 වන දින එනම් අද දින ගෝලීය වශයෙන් සැමරෙන අතර, කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම විශේෂත්වයකි.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රධාන තේමාව ලෙස · "කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න: ප්‍රගතිය වේගවත් කරන්න" යන්න මුලික කරගනිමින් ලෝක මට්ටමින් සමරන අතර මෙවර ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තේමාව වන්නේ · "ඇයට ශක්තිය: රටට ප්‍රගතිය"   යන්නයි.

මෙම තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම වසරේ තේමාව තීරණය කර ඇත්තේ ආර්ථික සවිබල ගැන්වීම්වලට මුහුණ දීමේ අරමුණ ඇතිවයි. එම වසරේම ප්‍රචාරක තේමාව වන්නේ 'Inspire Inclusion' යන්නයි.
 
මෙම ප්‍රචාරණ ව්‍යාපාරය වුවද, සමාජයේ සෑම අංශයකම විවිධත්වයේ සහ බලගැන්වීමේ වැදගත්කම අවධාරණය කෙරේ.එසේම, මෙම ප්‍රචාරක තේමාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ඇතුළත් කිරීමේ තීරණාත්මක කාර්යභාරය අවධාරනය කරයි.
 
1909 පෙබරවාරි 28 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු ජාතික කාන්තා දිනය සමරන ලද අතර පසුව ඇමරිකාවේ සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයක් කරන ලදී.
 

කාන්තා අයිතිවාසිකම් සහ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ක්ලාරා සෙට්කින් 1910 දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන් සඳහා වූ ජාත්‍යන්තර සමුළුවේදී වාර්ෂික කාන්තා දිනයක් ස්ථාපිත කිරීමට යෝජනා කළාය. එය ඒකමතික අනුමැතියට ලක් වූ අතර එය 1911 දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය පුරා පළමු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට හේතු විය. ශ්‍රී ලංකාවේ කාන්තා දිනයක් ප්‍රථම වරට පැවැත්වූයේ 1977 වසරේදීය ඉන් පසු නොකඩවා මෙම කාන්තා දිනය සැමරීම දිගටම රාජ්‍ය අනුගුහය ඇතිව සිදු කරනු ලබයි.මෙවරද මෙම තේමාව යටතේ කාන්තාව සවිබල ගැන්වීම සදහා නොයෙකුතු කාර්යයන් සිදු කිරීමට රජය හා කාන්තා කටයුතු අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

උදාහරන ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර කාන්තා දිනය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් සඳහා විශාල වැදගත්කමක් දරයි. සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ ඇතුළු ක්ෂේත්‍ර හරහා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමට මෙම දිනය වේදිකාවක් සපයයි.

රජයේ හද නිලධාරී සංගමයේ හෙද නිළධාරීන් වන අපද 2024 .03 .09 දින පස් වරුවේ  ත්‍රීකුණාමල නගර සභා ශෘලාවේදී , ත්‍රීකුණාමල ආණ්ඩුකාර තුමා,වෘත්ථීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ,සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාතීත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය 2024 සැමරීමට කටයුතු සූදානම් කර ඇත.

සටහන - විමලා හේරත්
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

photo 2024 03 08 20 54 16