සෞඛ්‍ය වෘත්තීයවේදීනුත් සටන අතහරියි

සෞඛ්‍ය වෘත්තීයවේදීනුත් සටන අතහරියි

 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් 2025 මාර්තු මස 06 වැනි දින පෙරවරු 7.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංවිධානයේ ප්‍රකාශකයකු "වැඩබිම" වෙත ප්‍රකාශ කර සිටියහ.

ඒ අද (05) දින  පස්වරුවේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹෙන ලද බවත්, උද්ගතව ඇති සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ දීමනා ගැටලුව සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදුව ඒ සඳහා සාකච්ඡාවකට අවස්ථාවක් 15 වැනි දිනට පෙර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යතුමා එකඟතාවය පළ කර සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය තුළ කරන සාකච්ඡාවේ ප්‍රතිඵල යහපත් නොවුනහොත් අනිවාර්යයෙන්ම 17 වැනි දින වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ එකමුතුව තීරණය කර ඇති බවය.

 

සබැඳි පුවත්