සියලුම ක්‍ෂෙත්‍රවල සේවකයින්ට බලපාන කරුනු සම්බන්ධයෙන් පුද්ගලික අංශය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය සහ වතු ක්‍ෂෙත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුමක් පැවත්වීමේ අත්‍යවශ්‍යතාවයක් බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ අදහස බවත් ඒ පිළිබඳ සාකච්ඡාවක් කිරීම සඳහා සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර සිටී.
එය පහත කරුණු යටතේ සාකච්ඡා කිරීමට යෝජනා කරන අතර, එය වත්මන් ආණ්ඩුවේ 2025 වසරේ අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරන ලද පුද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත්, වතු ක්‍ෂෙත්‍රයේත් වැටුප් පිළිබඳ යෝජනාවන් මේ වන විට එම අංශවල වෘත්තීය සමිති වල සාකච්ඡාවට භාජනය වෙමින් ඇත.
එම තත්ත්වය තුළ සියළු ක්‍ෂෙත්‍රවලට අදාලව පොදු ජාතික අවම වැටුපක් යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හා අප රටේ ජාතික ශ්‍රම ප්‍රතිපත්තියක් (Labour policy) නොමැති බැවින් විවිධ ආණ්ඩු ඒ සඳහා දේශපාලන ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රථිඵලයක් ලෙස කම්කරුවන්ට ඇති නීතිමය ආරක්‍ෂාවන් පවා අනතුරකට ලක්ව තිබේ.
එයට අමතරව වෘත්තීය සමිති ආඥා පනත යටතේ දැනට පවතින ප්‍රතිපාදනයන් සංශෝධනය කරමින් සහ වෘත්තීය සමිති කටයුතුවලට මැදිහත්වෙමින් ඒවා ආණ්ඩුවට පාලනය කිරීමට හැකිවන පරිදි යෝජනා ද ඇතුළත් පසුගිය ආණ්ඩුව විසින් ගෙන එන ලද කම්කරු නීති ප්‍රතිසංස්කරණ යෝජනා තවමත් නොවෙනස්ව පවතී.
සියලු වෘත්තීය සමිතිවලට අනන්‍ය වූ කරුනු සහ වෙනත් පොදු කරුනු මුල් කර ගනිමින් 2025 මාර්තු මස 18 වන දින ප.ව. 2.00 ට කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවත, අංක 141 දරණ ස්ථානයේ පිහිටි නිදහස්වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට සුදානම් කර ඇත. ඒ සඳහා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් පුද්ගලික අංශය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය සහ වතු ක්‍ෂෙත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති සඳහා විවෘත ආරාධනවක් කර සිටී.