වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් බඳවා ගැනීම ඇතුළු අනෙකුත් ගැටළු විසඳීමට අදාල මැදිහත්වීම සිදු නොකරන්නේ නම් නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් අවධාරණය කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස 2025.05.21 දින වැඩබලන සෞඛ්‍ය ලේඛම්තුමිය සමඟ සිදු කල සාකච්ඡාවේදී ඇති කර ගත් එකඟතා සහ එතුමියගේ අංක MH/TA/G/PSM/05/2020-වෙළුම 01 දරණ 2025.05.21 දිනැති ලිපිය මඟින් සිදු කල ඉල්ලීම අනූව 2025.05.22 දිනට යෝජනා කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල අතර එම එකඟතා ඔබ දෙපල වෙත යොමු කර අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට තීරණය විය. (අදාල ලිපි අමුණා ඇත)
නමුත් උක්ත එකඟතා අතුරෙන් උපාධිධාරී බඳවා ගැනීමට අදාල එකඟතාවය පම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කිසිඳු ගැටළුවකින් තොරව සුදුසුකම් ලැබූ සමස්ථ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් බඳවාගැනීම් සිදුකල හැකි වාතාවරණය පසෙකලා රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා උපාධි සුදුසුකම් සම්පූර්ණ කල සමස්ථ උපාධිධාරීන් නොසලකා හරිමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ විශ්වවිද්‍යාල වල උපාධිධාරීන් පමණක් 2025.05.28 වන දින බඳවා ගැනීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.
වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා ලෙස ඔබ දෙපල විසින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී නැවත ආපසු හැරවිය නොහැකි වරදක් සිදුකර ගැනීමට නියමිත බවත් එකී වරද හරහා රජ්‍ය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට, නිදහස් අධ්‍යාපනයට හා ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ඉතා බරපතල ගණයේ අසාධාරණයක් සිදු වීමට නියමිත බවත් පෙන්වා දෙමු. තවද මේ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කර ගන්නා ඓතිහාසික වරද හේතුවෙන් වර්තමාන රජයට මෙන්ම ඔබතුමන්ලාටද විශාල චෝදනාවක් එල්ල වන අතරම ඒ හරහා නැවත මකා දැමිය නොහැකි කළු පැල්ලමක් නිර්මාණය වන බවත්, විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය අරගල ඇතිවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාවැටීම වැනි අනවශ්‍ය ගැටළු නිර්මාණය වීමට නියමිත බවද පෙන්වා දෙමු. තවද රජයේ විශ්වවිද්‍යාල තුල පැවති ශිෂ්‍ය ව්‍යාපාර වල නායකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ ඔබ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වී ඇති මේ මොහොතේ එවන් අගතියකට රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලක්වීම ඉතාම ශෝචනීය බව පෙන්වා දෙන අතරම සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා අප දුරටත් සුදානම් බවත් පෙන්වා දෙමු. ඒ අනූව,
- 05.28 දිනට යෝජනා කර ඇති පත්වීම ලබා දීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා උපාධි සුදුසුකම් සම්පූර්ණ කල සමස්ථ උපාධිධාරීන් නොසලකා හරිමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ විශ්වවිද්‍යාල වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන්ට පමණක් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම සිදු නොකරන ලෙසත්
- සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාවය විභාගයට අදාල අයඳුම්පත් ප්‍රතික්ෂේප කරන ලද උපාධිධාරීන් වෙනුවෙන් කඩිනමින් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිනයක් නියම කරන ලෙසත්
- ප්‍රමාණවත් පුරප්පාඩු සංඛ්‍යාවත් පවතින බැවින් සම්මුඛ පරීක්ෂණය හරහා සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු වන සමස්ථ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒ අනූව ඉතා සරලව මෙම ගැටළුව විසඳීමට හැකියාව තිබියදී තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි පාරේ රැගෙන යමින් ඓතිහාසික වරදක් සිදුකර ගැනීම තුල කිසිඳු පාර්ශ්වයකට කිසිවක් නොලැබෙන බවත් පෙන්වා දෙන අතරම වෘත්තීය සමිති ලෙස මෙම තත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදවා ගැනීමට අපට සිදුවී ඇත. ඒ අනූව මෙම තත්වය නිවැරදි කිරීමට අදාල තීන්දු තීරණ 2025.05.26 වන සඳුදා දින ප්‍රකාශයට පත් නොකරන්නේ නම්, 2025.05.27 වන දින උදෑසන 8.00 සිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු වන බවත් අවශ්‍ය වුවහොත් එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදු වන බවත් ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු.