සෞඛ්‍ය අමාත්‍යරයා විවිධ ප්‍රකාශ සිදුකරනවාට වඩා නිශ්චිත කාල රාමුවක් සමග වැඩපිළිවෙලක ඉදිරිපත් කරන්න - GMOA

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ විවිධ ප්‍රකාශ සිදුකරනවාට වඩා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැක ගැනීම සදහා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේ0දනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, (2025. 05. 26) දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ දී මේ වනවිට වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය ක්ශේත්‍රයට බලපා ඇති ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
01. වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා චක්‍රලේඛය නිවැරදි කර නිකුත් කිරීම ප්‍රමාද වීම.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ පළමු අයවැය ලේඛනය අනුව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා අගයන් කප්පාදු කරන ලද අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරන ලද වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්ත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කරන ලදී.
ඒ අනුව අයවැය ලේඛනයට ගරු ජනාධිපතිවරයා විසින්ම සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛය 2023.03.25 නිකුත් කරන ලදී.
එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් 2025.04.28 දින නිකුත් කරන ලදී.
එහෙත්, එම සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයේ වැරදි සහ දෝෂ ගණනාවක් නිරීක්ෂණය විය. එහිදී අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්ශණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය විය.
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, 2025.04.29 දින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු වගකිවයුතු බළධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ විය.
මේ වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර මාස 02ක් ගතවී තිබුන ද, තවමත් නිවැරදි කරන ලද චක්‍රලේඛය නිකුත් කර නැත. අමතර රාජකාර දීමනා ලබා ගැනීමේදී වෛද්‍යවරුන් ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවතී. ගැටළු සහ අපහසුතා ගණනාවක් මධ්‍යයේ සේවය කරන වෛද්‍යවරුන් මේ හරහා තවත් පීඩාවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සිදු නොකිරීම තුළ මෙම ගැටලුව අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් පවතී.
ජනාධිපතිවරයා විසින් ලබාදුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලද තීරණ පවා ක්‍රියාත්මක නොකිරීම තුල සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කල යුතු අතර, නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුලත වහාම නිකුත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට සිදුවන බවත් විධායක සභාව තීරණය කරන ලදී.
02. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ සිදුවීම පිළිබඳ මාධ්‍ය භාවිතාව නිවැරදි කිරීම
අනුරාධපුර ශික්ෂණ රෝහල තුළදී සේවයේ යෙදී සිටියදී වෛද්‍යවරියක් විසින් මුහුණ දුන් අමානුෂික සිදුවීමේදී, පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සිදුකරන ලද මාධ්‍ය භාවිතාව පිළිබඳ ගැටලු ගණනාවක් මතුවී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර ද ඇතැම් ජනමාධ්‍ය ක්‍රියාකළ ආකාරය පිළිබඳව අපගේ කනස්සල්ල සහ විරෝධය ගරු ජනමාධ්‍ය ඇමතිතුමා ඇතුළු වගකිවයුතු බලධාරීන්ට දැනුම් දී ඇත.
එසේ වුවත් පසුගිය නඩු වාරයේදී අධිකරණය තුළදී ප්‍රකාශිත කරුණු ගණනාවක් ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. එම මාධ්‍ය වාර්තා කිරීම හරහා නැවත නැවතත් එම වෛද්‍යවරිය සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කිරීමක් සිදු වී ඇත.
මෙම වෛද්‍යවරිය පමණක් නොව මෙරට තුළ සිදුවන කාන්තා අතවර සහ ළමා අපයෝජන සම්බන්ධයෙන් සමස්ථ මාධ්‍ය භාවිතාවේදී, නැවත නැවතත් එම වින්දිතයින් සමාජය ඉදිරියේ අතවරයට සහ අපහසුතාවයට ලක්වීම අතිශයින් අවාසනාවන්ත කරුණකි.
ඒ හරහා ඔවුන් යළි යළිත් මානසික සහ සමාජ පීඩාවට ලක්වනවා පමණක් නොව, ඔවුන්ගේ අනාගතයට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදාල සිදුවීමෙන් අනතුරුව ද ඔවුන් සමාජය තුළ අනාරක්ෂිත බව තහවුරු කරමින් ඇත.
මෙරට තුළ ක්‍රියාත්මක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව, එම වින්දිතයින් සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතුය.
එමෙන්ම, අධිකරණ ක්‍රියාවලිය තුලදි එම වින්දිතයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි අධිකරණ කටයුතු රහස්‍ය සහ සංවෘත පරිශ්‍රයන් තුල සිදු කිරීම දිරිමත් කල යුතුය.
එබැවින් මෙරට සමස්ත කාන්තාවන් සහ ළමා ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව ප්‍රවේශයක් සහ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ අරමුණින් ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කරන ලදී.
03. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය
පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලාංකීය වෛද්‍යවරු විදෙස් ගතවීම සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානය යොමුවිය.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා අවස්ථා ලබාදීමේදී, එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් ලබා දෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබද සලකා බලන ලෙසයි.
මෙවන් අර්ථයක් හැගවෙන ප්‍රකාශයක් මීට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ද සිදු කළ අතර, විදෙස් ගතවන වෛද්‍යවරුන් ගුවන් තොටුපොලේ දී නවත්වන බව ද පවසන ලදී.
පවතින සමාජ ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් විදෙස් ගත වීමේ ගැටළුව වෙනුවෙන් සැබැවින්ම සිදුවිය යුත්තේ වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කරමින් ඔවුන් මෙරට රැදී සිටීම දිරිමත් කරන ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමයි.
එමෙන්ම එයට සමගාමිව පශ්චාත් උපාධි පුහුණු අවස්ථා වැඩි කිරීම හරහා වැඩි වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහිකර ඒ තුලින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අවස්ථාව උදාකරගත යුතුයි.
මේ කාරණා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම යෝජනා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇති අතර ඒවා නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා අතර සාකච්ඡාවන් කිහිපයක්ද සිදු කර ඇත.
ගෙවුණු වසර දෙකකට අධික කාලය තුළදී 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරට හැරගොස් ඇති අතර, මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් රැක ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනහොත්, ශ්‍රී ලාංකීය රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි වනු ඇත.
එබැවින් මෙවන් ප්‍රකාශ සිදුකිරීමට වඩා, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැක ගැනීම සදහා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි.