නිළධාරිවාදී ව්‍යූහයන් වෙනස් කරමින් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි - බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

විදුලිබල ක්ෂේත්‍රය යාවත්කාලීන නොවීම හා දරාගත නොහැකි මට්ටමේ අකාර්යක්ෂමතාවය, කලක් තිස්සේ එක තැන පල්වෙන නිළධාරිවාදය හා බැදුණු ආයතන ව්‍යුහය නිසාද සිදුවූ බැවින් එම ව්‍යුහයන් වෙනස් කරමින් විවිධ ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති දක්ෂ හා විශේෂඥ දැනුම ඇති අයට විදුලිබල ක්ෂේත්‍රයේ නව අවස්ථාවන් ලැබිය යුතු යැයි වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් ලෙස තමන් විශ්වාස කරන්නේ යැයි බලශක්ති අමාත්‍යවරයා පසුගියදා බත්තරමුල්ල පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුත් විදුලි උපකරණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කළ වායුසමීකරණ යන්ත්‍ර සදහා විදුලි කාර්යක්ෂමතා ලේබල් හදුන්වා දීම හා සම්බන්ධ වැඩසටහන අමතමින් ප්‍රකාශ කළේය.
තවදුරටත් කතා කළ අමාත්‍යවරයා පසුගිය දිනවල මා ඉන්දියාවේ සංචාරයක යෙදුණා. විදුලිබල ක්ෂේත්‍රයේ ඔවුන් ලබා ඇති දියුණුව ඉතා ඉහළයි. නවීන තාක්ෂණය හා නව සංකල්ප භාවිතා කරමින් ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. විදුලි ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතන වල පරිපාලන ව්‍යුහයන් එහිදී විශාල වැදගත් කමක් දරණ බව තමන්ට පෙනී ගිය බවද එබැවින් විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එම ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධන වැඩපිළිවෙල යටතේ වායුසමීකරණ යන්ත්‍ර සදහා බලශක්ති ලේබල් හදුන්වා දීම හරහා වෙළදපොළේ ඇති වායු සමීකරණ යන්ත්‍ර වල කාර්යක්ෂමතාව ඉහළ දැමීමත් ජාතික වශයෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමත්, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහය වීම තුළින් පරිසර ඉලක්ක ජය ගැනීමට දායකවීමත් අපේක්ෂා කරන අතර ශ්‍රි ලංකා සුනිත්‍ය බල අධිකාරිය ජාතික ප්‍රමිති ආයතනය ලංකා විදුලි සමාගම ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් වායුසමීකරණ යන්ත්‍ර නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.