සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් ස්ථානවලදී පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, අමාථ්‍යංශය විසින් දැනුම්දුන් අය පමණක් මෙම පරික්ෂණය සඳහා සහභාගි විය යුතු බවයි.
සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන දිනයන් හා ස්ථානයන් පහතින් දැක්වේ.
දකුණු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/11 රත්නපුර හෙද විදුහලේ දී හා
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ මඩකලපුව හෙද විදුහලේ ද, අම්පාර දිස්ත්‍රිකයට අදාල සම්මුඛ පරීක්ෂණ අම්පාර හෙද විදුහලේ ද 2025/10/11 හා 2025/10/12 දිනවල දී පැවැත්වෙන බවද දන්වා සිටී.