ලෝක තැපැල් දිනය අදට යෙදී ඇති අද දින (09) තැපැල් සේවකයින් කළු පටි බැඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ ව පැවසීය.
තැපැල් සේවකයින් සම්බන්ධයෙන් තැපැල්පතිවරයා විසින් “අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබාගන්නා බව“ සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය දක්වමින් අද දින කළු පටි බැඳීමේ විරෝධතාවය ආරම්භ කරන ලද බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ තැපැල් සේවකයින් හට කරන ලද මෙම අපහාසය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා වෙත නීතිමාර්ගයෙන් කටයුතු කරන බවයි.