ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිි සංගමයේ 102 වන වාර්ෂික නිලවරණය සහ මහා සම්මේලනය ඔක්තෝබර් (16) දින මාලිගාවත්ත සෙරන්ඩිබ් හෝටලේ දී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ලෙස මෙවරත් සුමේධ සෝමරත්න මහතා පත් වූ අතර, ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතාත් , භාණ්ඩාගාරික ලෙස සතීශ් කුමාර් මහතාත්, සඟරා සංස්කාරක ලෙස අරුණ ප්‍රසාද් මහතාත් තේරී පත්විණි.
මෙවර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලවරණය සඳහා කැපී පෙනෙන ලෙස අපේක්ෂකයින් රැසක් තරග බිමට එක් ව තිබිණි.