- සැකකරු වහාම අත් අඩංගුවට ගන්න
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතා (24) දා ගාල්ල ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මැර ප්‍රහාරයකට ලක්වී ඇති අතර පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟකල බව කියන ඔහුට පහරදුන් සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයා සමන් සී. ලියනගේ මහතා පසුපස ලුහුබැඳවිත් දෙවන වරටත් පහරදී එදින රාත්‍රියට ප්‍රථමව ඔහු මරා දමන බවට තර්ජනය කර ඇත. මෙම සිද්ධියෙන් අනතුරුව මාධ්‍යවේදී සමන් සී. ලියනගේ මහතා දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අමානුෂික පහරදීම සහ මරණීය තර්ජනය කිරීම ලංකා වතු සේවා සංගමය තරයේ හෙලා දකිමු. සමන් සී. ලියනගේ මහතා නිදහස් මාධ්‍යවේදියෙකු වන අතර ලංකා වතු සේවා සංගමයේ නිල පුවත් පත වන The Estaff හි සංස්කාරක සහ අප සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙසද ක්‍රියා කරයි. වහාම මේ දේශපාලන මැරයා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින අතර ඒ මහතාගේ ජීවිත ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන මෙන්ද තවදුරටත් ඉල්ලා සිටිමු.

