- සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබිම තුළින් මෙරට ජනතාවට ප්‍රශස්ත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව තුළින් රෝගී ජනතාවට තම සේවාව නිබඳව ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යවන රාජකාරී පරිසරය සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණවන බවත්, එයින් වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන නිසා මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන්ම ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කර සිටියේ රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය. එම සාකච්ජාව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිය වෘත්තීය ගැටළු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක‍්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව ද, එම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම යෝජනාවන් ද අමාත්‍යවරයා සමග මෙහි දී දිර්ඝව සාකච්ජා කරන ලදී.
වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටළු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ගැටළු වලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී වගකීම ඉටුකරන බවත්, ඔවුනට බලපාන ගැටළුවලට විසඳුම් ලබා දීම තුළින් ද, ඔවුන් සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් ද වැඩ වර්ජන, උද්ඝෝෂණ අවම කරගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිසිර හර්ශප්‍රිය කුමාර, අධ්‍යක්ෂ සමන්ත රණසිංහ, රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ.පී.බී. දසනායක, ලේකම් එම්.එම්.එස්. බණ්බාර, භාණ්ඩාගාරික පී.ඒ. ගමගේ යන මහත්වරුන් ඇතුළුව අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

