බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම් ප්‍රශ්න සහගත මෙන්ම මහජන මුදල් නාස්තියක් බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන වන විට බස්නාහිර පළාත් සභාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සදහා මැමෝග්‍රෑම් (Mammogram) යන්ත්‍රයක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් (CT Scanner) යන්ත්‍රක් මිලදී ගැනීමට මේ වන කඩිනමින් කටයුතු සිදු කරමින් පවතී.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මිලදී ගැනීමට අපේක්‍ෂිත මැමෝග්‍රෑම් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 100 ක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200 වෙන්කොට ඇති අතර ඉහත ගනුදෙනු දෙක සඳහාම රුපියල් මිලියන 300ක මහජන මුදලක් වැය කිරීමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මැමෝග්‍රෑම් යන්ත්‍රය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛ ප්‍රකාරව එම යන්ත්‍රයේ අවසාන භාවිතාකරු වන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැත. එසේම එම මිලදී ගැනීමේදී තාක්ෂණික ඇගේම් කමිටුවට පත් පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරියද එම ගනුදෙනුවේ තිබෙන ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වී ඇත.විශේෂයෙන්ම මැමෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු රෝගී ආරක්ෂාව සහ පරීක්ෂණයේ නිවැරදිභාවයට හේතුවෙන තාක්ෂණික කරුණු තාක්ෂණික පිරිවිතර ලැයිස්තුවට(Technical specification list) ඇතුළත් කොට නොමැත.තෝරා ගත් සමාගමකින් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය පරිදි මෙම පිරි විතර ලැයිස්තුව සකස් කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී යන්ත්‍රය සඳහාද තාක්ෂණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර ගෙන නොමැති අතර එම යන්ත්‍රය මිලදී ගැනීමේ දී ද තෝරාගත් සමාගම් කිහිපයක් සඳහා ගැලපෙන අයුරින් පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම මෙන්ම මිලදී ගැනීමට සූදානම් වන යන්ත්‍රය එම රෝහලේ අවශ්‍යතාවයට වඩා ඉතා ඉහල යන්ත්‍රයක් වන අතර එම යන්ත්‍රය මිලදී ගැනීමෙන් ඉතා විශාල මුදලක් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වනු ඇත. එසේම එම යන්ත්‍රය නඩත්තුව සඳහා වාර්ෂිකව ඉතා විශාල වියදමක් දැරීමට දැරීමටද සෞඛ්‍ය පද්ධතියට සිදුවනුු ඇත.
2023 වර්ෂයේදීද බස්නාහිර පළාත් සභාව විසින් මේ ආකාරයෙන් මිණුවන්ගොඩ මූලික රෝහල සඳහා විකිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 345 වැය කළ අතර ඒවකට එම රෝහලට ගැලපෙන යන්ත්‍රයක් මිලදී ගැනීම රුපියල් ලක්ෂ 150 මුදලක් වැය කිරීමෙන් සිදුකළ හැකි බව අප සංගමය විසින් පෙන්වා දෙන ලදී. එලෙස මිලදී ගත් යන්ත්‍රය මේ මොහොතේ ද සම්පූර්ණ ධාරිතාවෙන් පරීක්ෂණ සිදු කිරීමට භාවිතාවට ගෙන නොමැත.
විශේෂයෙන්ම වර්ෂය අවසාන වන විට මෙලෙස යන්ත්‍ර මිලදී ගැනීමේ ගනුදෙනු බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් කඩිනම් කරන බව පසුගිය කාලය පුරාම අප විසින් නිරීක්ෂණය කර ඇත. කෙසේ නමුත් මීට පෙර සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවූ අතර මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් සිදුකොට ඇත.
මේ මොහොතේ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් සිදුකරන මෙම මෙම ගැටලුකාරී ගනුදෙනු සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් සිදුකොට අදාළ රෝහල්වලට ගැලපෙන , රෝගීන්ගේ පරීක්ෂණ විශ්වාසනීය ආකාරයෙන් සිදුකර ගත හැකි යන්ත්‍ර නිසි සංයුතියකින් යුතු තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කොට මිලදී ගැනීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටි.එමෙන්ම මෙම දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් විමර්ශනය කොට වරදකරුවන්ට දඬුවම් පමුණවන ලෙස ඉල්ලා සිටී.

